Parevi Dupatha[පරෙවි දූපත]

Full credit goes to original author of this article(Sri Dalada Maligawa). We are only republishing these articles. Thank you very much Mr. Author. 

දූරින් දුරට අනන්තය තෙක් දිස්වන නැගෙනහිර නිල් පැහැ සේලයේ රමණීය දූපත.

2003 වසරේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පරෙවි දූපත් ජාතික උද්‍යානය.
--------------------------------------------------------------------------------------------------------------------------------------
"ආසියාවේ මුතු ඇටය" විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ රමණීය නැගෙනහිර මුහුදු තීරයේ ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළේ සිට නාවික සැතපුම් 1.2ක්‌ දුරින් පිහිටි පරෙවි දූපත අතිශයින් සුන්දර කොදෙව්වකි. පසුගිය වසර 30ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති යුධමය වතාවරණය හේතුවෙන් පරෙවි දූපතෙහි සුන්දරත්වය සංචාරක ඇසින් හුදෙකලා වුණි. එහෙත් සාමයේ අරුනළු ශ්‍රී ලංකාව වෙලා ගැනීමත් සමග නැවත පරෙවි දූපතේ සුන්දරත්වය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට විඳ ගැනීමේ අවස්‌ථාව 2003 වසරේ සිට උදාවිය.
--------------------------------------------------------------------------------------------------------------------------------------
නැගෙනහිර වෙරළ තීරයේ සංචාරකයන්ගේ නෙත් සිත ඇඳ බැඳගත් වෙරළ තීර ගොන්නෙන් ප්‍රමුඛත්වයක් ගන්නකි නිලාවැලි වෙරළ තීරය. නිලාවැලි වෙරළට පිය මනින සංචාරකයකුට කි.මි. 2ක් ඈත දියඹේ මනරම් දූපත් පන්තියක් ඇස ගැටේ. ලංකාවේ වනජීවී අභයභූමියක් ලෙසින් නම්කොට ඇති එකම දුපත වන මෙය සුප්‍රකට පරෙවි දූපතයි ( දමිල බසින් නම් පරාමලේ).

ත්‍රිකුණාමලයටත්, නිලාවැලියටත් සංචාරය කරන බොහෝ දෙනෙක් අමතක කරන පරෙවි දූපිත නෙත් සිත් ආලෝලනය කළ හැකි අති සුන්දර ස්ථානයකි. පරෙවි දූපතට යාත්‍රා කරන සංචාරකයකුට බාහිර ලෝකයේ ප්‍රශ්න හා දුක්ඛ දෝමනස්සයන් නිමේෂයකින් පහව යන්නේ ඒ සුන්දරත්වය නිසාමය. සුදෝසුදුවන් වැල්ලෙන් දිදුලන මුහුදු වෙරළත් කොළට හුරු නිල් පැහැති කරදියත් ඔබ සිත් ඇදබැඳගන්නවා නිසැකය. දූපතේ දෙපසෙහි විශාල ගල් කඳු දෙකක් පිහිටා ඇති අතර දූපත අවට මුහුදු සීමාවද ගල්පරවලින් ගහනය. එය එසේ වුවත් දූපත අවට මුහුද නොගැඹුරු වන අතර චණ්ඩ ස්වරූපයක්ද නොඋසුලයි. දූපතේ නැගෙනහිර භාගයේ ඇති බොක්කක හැඩති තටාකය ස්නානයට අතිශයින්ම යෝග්‍යය. දූපත පුරා විසිර පවතින විසිතුරු තුරුගොමු සහ සිප්පි කටු පරෙවි දූපතට ගෙන එන්නේ ඉමිහිරි විචිත්‍රත්වයකි

අතීත රජ සමයේ මෙම දූපත පරෙවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස භාවිතා කරන ලද බැවින් මෙය පරෙවි දූපත ලෙස හැඳින් වු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අදට ද මෙහිදීs පරෙවියන් දහස්‌ ගනණින් දැක ගත හැකිය. පරෙවි දූපතේ විශාල දූපත පරෙවි දූපත ලෙසත් කුඩා දූපත කාක දූපත ලෙසත් හැඳින් වේ. මෙහි කොරල් පර ආශ්‍රිත ජෛව විවිධත්වය සහ පරවියන්ගේ අභිජනන මධ්‍යස්‌ථානයක්‌ වීම හේතුවෙන් පරෙවි දූපත 1970 දීs වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභයභුමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. මෙහි පවත්නා ජෛව විවිධත්වයත් සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරෙවි දූපත 2003 ජුනි 06 දින එම ආඥා පනත යටතේම ජාතික උද්‍යානයක්‌ බවට ප්‍රකාශයට පත් කරන ලදී. හෙක්‌ටයාර් 431.43ක් පරෙවි දූපත ජාතික උද්‍යානයේ වපසරිය හා බැ‍ඳේ.

කොරල් විශේෂ 100ක්‌ පමණ ද පර ආශ්‍රිත මසුන් විශේෂ 300කට ආසන්න ප්‍රමාණයක්‌ ද මෙහි දී දක්‌නය ලැබේ. මෙහි පිහිටි කොරල් පද්ධතියෙහි සුන්දරත්වය නම් 1998 වර්ෂයේ දීs ඉන්දියන් සාගරයේ බලපෑ උණුසුම් දියවැල් හේතුවෙන් හානියට ලක්‌ නොවී තිබීsමයි. එබැවින් මෙම කොරල් පර ඉතා අලංකාර ලෙස මුහුදු පතුලේ දිස්‌ වේ. එය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ නෙත් පිනවන දර්ශනයකි. ගොඩබිම් පාෂාණ වර්ග සුළු වශයෙන් ද ඛාදනයට ලක්‌ වු කොරල් ද පරෙවි දූපත ආශ්‍රිතව ගොඩබිsමේ දීs දක්‌නට ලැබෙs. ඉන්දියන් සාගරයේ ජිවත් වන ආවේනික ඇතුළු සියළුම මත්ස්‍ය වර්ග මෙන්ම දුර්ලභ ගණයේ ජලජ ජීsවින් වන ජලජ ශාක විශේෂ ද බ්ලැක්‌ට්‌ස්‌ වර්ගයට අයත් කොරල් ආශ්‍රිත මෝරු විශේෂය ද පොතු කැස්‌බෑවන් ද මෙහි දී දක්‌නට ලැබේ.

පරෙවි දූපතෙහි දීs දක්‌නට ලැබෙන ශාක අතර සුරිය, කොහඹ, සියඹලා, මලිත්තන් ශාක විශේෂ ද පරෙවි දූපතටම ආවේනික වු ටෙම්පිස්‌ ඇසිඩ්යුලා වැනි ශාක ද වේ. ලන්ටානා, පතොක්‌ ආදි පඳුරු ශාක විශේෂ ද මෙහි බහුලය.

මෙහි දී දැක ගත හැකි කුරුළු විශේෂ අතර ගොළු කිරලා, බ්‍රාහ්මන උකුස්‌සා, කළු කොකා සහ පරෙවියෝ බහුලව දැක ගත හැක.
පරෙවි දූපත තමයි ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර ඇති එකම දූපත් ජාතික උද්‍යානය. සංචාරකයින් පරෙවි දූපතේහි ඇවිදිමින් සුන්දරත්වය විඳීම සඳහා දූපත වටා ගමන් කිරීමට සොබා මං පෙත් සකස්‌ කර ඇත.
සැබැවින්ම පරෙවි දූපත ජාතික උද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට සංචාරක පාරාදීසයකි.







Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Rangiri Dambulu Rajamaha Viharaya [ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය (ක්‍රි.ව. 1056- 1111)]