Posts

Showing posts from June, 2017

කලාවැවේ කතන්දරේ

Image
අනුරාධපුර වන්දනාවේ යන සමහරු එන ගමන් කලාවැව් බැම්මට පැමිණ වැව් දියේ නා සැනහෙන්නට අමතක කරන්නේ නෑ.  ඒ වගේම කොළඹ අපි ගෝල්පේස් යනවා වගේ රජරට ජනතාව නිතරම යන්නෙත් කලාවැවේ රැල්ල පාගන්නයි , එහි ගිලී විනෝද වන්නටයි. දරුවනුත් සමග මෙහි ජල ක්‍රීඩා කරන විශාල පිරිසක් ඕනෑම දිනක දැකගන්න පුළුවන්. කලාවැව (කුසුම්සිරි විජයවර්ධන)

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - දුනුමඬලාව වනාන්තරය

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. දුනුමඬලාව තුරු වියන යටින් – කුසුම්සිරි විජයවර්ධන පරිසරය ගැන උනන්දු වන කාටත් වැදගත් ස්ථානයක්. ආතර් සීට් අසලින් ඉහළට දිවෙන සරණංකර මාවත ඔසසේ යාමෙන් මෙම වනාන්තරයට පිවිසිය හැකියි. වනයේ විශාලත්වය අක්කර 753ක්. එය මුහුදු මට්ටමේ සිට අඩි 1800-3200 අතර උසකින් පැතිර තිබෙනවා. මේ නිසා මහනුවර නගරයට වඩා වැඩි සිසිලක් මෙහිදී විඳගත හැකියි.  මහනුවර නගරයට පානීය ජලය සපයන ජලාශය ඇත්තේ මේ වනය තුළයි. මුලින්ම මෙහි කෝපි වතුයායක් තිබුණූ අතර 1870 දී එම වතුයාය මහනුවර නගර සභාවට පවරාගෙන තිබෙනවා. ඊට පසු එහි ජලාශ දෙකක් ඉදිකළා. මෙම වනාන්තරය පාලනය වන්නේ මහනුවර මහ නගර සභාව මගින්. එයට ඇතුළුවීමට නගර සභාවෙන් අවසරය ලබාගත යුතුයි.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - ආතර් සීට්

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. ආතර් සීට් අසලට පෙනෙන දළදා මාලිගා පරිශ්‍රය මහනුවර වැවේ බස්නාහිර සොරොව්ව අසලින් ඇරඹෙන රජපිහිල්ල මාවතේ ගමන් කරන ඔබට ආතර් සීට් නම් ස්ථානයට පිවිසිය හැකියි. එය මහනුවර නගරය කුරුළු නෙතකින් දැකගත හැකි ස්ථානයයි. ආතර් සීට් සිට මහනුවර නගරය දකින්න ඉංග්‍රීසි පාලන සමයේ දී ආතර් නම් වැවිලිකරුවා නගරය දෙස බැලීමට මෙහි කළුගලින් ආසනයක් කරවා තිබෙනවා. එදා පටන් අද දක්වාත් මහනුවර කදිම දර්ශනයක් නැරඹීමට කැමැති විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට එනවා. ඔවුන්ට සමරු අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකුත් මෙතැන තිබෙනවා. ඒත් දේශීය සංචාරකයන් නම් ආතර් සීට් ගැන එතරම් දැනුවත් නැහැ.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - මහනුවර රජපිහිල්ල

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. රජපිහිල්ල – amazinglanka.com රාජකීයයන්ගේ ස්නානය සඳහා ඉදිකළ මෙම නාන ස්ථානය පිහිටියේ අම්පිටිය පාරේ රජපිහිල්ල හන්දියෙන් හැරී යන අතුරු මාවතකයි. නගරයේ සිට ඇති දුර කි. මී. දෙකක් පමණ වෙනවා. දුනුමඬලාව රක්ෂිත වනාන්තරයෙන් ගලා එන රජපිහිල්ල ඇළේ ජලය හරස් කිරීමෙන් මෙම දිය පිහිල්ල නිර්මාණය කර තිබෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලයේ බව පිළිගැනීමයි. ඒ රජු තම බිසෝවරුන්ට ස්නානය කිරීමට මෙම පිහිල්ල තනා දුන්නාලු. මහනුවර වැව් ඉවුරේ දක්නට ලැබෙන බිසෝ උල්පැන්ගේ නම් තනවා තිබෙන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජුයි. රජපිහිල්ල දියබේසම – amazinglanka.com රජ-පිහිල්ලේ දී අපට දැකගත හැක්කේ දිය බේසමකට වැටෙන ජලය හිසට වෑස්සීම සඳහා සකස් කළ දිය බේසමක්. කළුගලින් කළ එය අඩි 6ක් උස ගල්ටැඹක් මත සවිකර තිබෙනවා. දියබේසමේ ජලය පිටවීමට පීලි තුනක් තනා තිබෙනවා. අදත් රජ පිහිල්ල දොළේ ජලය උපයෝගී කරගෙන මහනුවර නගර සභාව ජනතාවට ස්නානය කිරීමට පොදු නාන ස්ථානයක් ඉදිකර තිබෙනවා.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - බ්‍ර්තාන්‍ය ගැරිසන් සුසානය,මහනුවර (British Garrison Cemetery - Kandy)

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි.  මළවුන් සැතපෙන ගැරිසන් සොහොන- කුසුම්සිරි විජයවර්ධන දළදා මාලිගය අසල ඇති ජාතික කෞතුකාගාරය මායිම් කරමින් ඇති මාවත ඇදී යන්නේ ගැරිසන් සුසාන භූමිය වෙතටයි. පර්චස් 130ක විශාලත්වයෙන් යුත් මේ බිම්කඩ පළලින් අඩු දිගින් වැඩි බිම් තීරුවක් ලෙස පැතිර තිබෙනවා. කලක් වන වදුලින් වැසී පැවති මේ බිම්කඩ 1998 දී චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සංරක්ෂණය කළා. වර්ෂ 2013 දී චාල්ස් කුමාරයා අප රටට පැමිණි විටත් මෙම සොහොන් බිම නැරඹීමට ගියා. ගැරිසන් කියා කියන්නේ යුද්ධ සෙබළුන්ගේ රැඳවුම් පොළටයි. ඉංග්‍රීසි කාලයේ මෙහි යුද්ධ සෙබළ රැඳවුම් ස්ථානයක් තිබෙන්නට ඇති. මෙය පුරාවිද්‍යාත්මකවත් වටිනා ස්මාරකයක්. අවුරුදු 133ක් අප රට පාලනය කළ ඉංග්‍රීසින්ගේ අමිහිරි මතක සටහන් අපට ස්මරණය කරවන තැනක් තමයි ගැරිසන් සොහොන. මෙම සුසානයේ ඇත්තේ ක්‍රිස්තියානි බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් පමණයි. මෙහි සැතපෙන බොහෝ දෙනා අඩු වයසින් මියගිය අය බව සොහොන් කොත්වල සටහන් කියවන විට පේනවා. මෙය මුලින්ම භාවිත කර ඇත්තේ 1817දී. අවසන් වරට භූමදානය කර
Related Posts Plugin for WordPress, Blogger...