Posts

Showing posts from July, 2013

රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්රී තේජෝවරාරාමය [Pallawela keerthi sri rajasinghe thejowararamaya , Hakmana]

Image
හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ් ‍ රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි . කීර්ති ශ් ‍ රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනප ‍ ් ‍ රවාදයේ සඳහන් වෙයි . ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති . රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත . පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය . වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය . එහි දී රැස් කරගත් පින කීර්ති ශ් ‍ රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත . ඒ පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ් ‍ රී තේජවර යන ගෞරව නාමය ප ‍ ් ‍ රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ . දර්
Related Posts Plugin for WordPress, Blogger...