Posts

Showing posts from September, 2013

ගුරුළු රාජ - [Gurulu Raja] ඌව පළාත් පුෂ්පය

Image
This is the Uva Provincial nominated flower. ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර්ජනයට ලක්වූ වන සත්ව හා වෘක්ෂලතා වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට ද ඇතුලත්   කර තිබෙන ශාකයකි. රයින්කොස්ටයිලිස් රෙට්යුතසා නමින් උද්භිද විද්යාසත්මකව හැඳින්වේ. ඉංගීර්ත්සියෙන් ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් ප්‍රචලිතය. ගස් මත වැවෙන ශාකයක් වන මෙම උඩවැඩියා විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඌව පළාතේ තණ බිම් වල ස්වභාවිකව වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ වූ ශාකයකි. දැඩි ඝනකමින් යුතු පිටත විහිදුණු දැඩි සෘජු කඳකි. ශාකය අඩියක් පමණ උසට වැඬේ. නොවැම්බර් සිට අපේරපි ල් කාලයේ ඉතාමත් අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ගුරුළු රාජ ශාකයේ පුෂ්ප මංජරිය හේතුවෙන්ම එය ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් හඳුන්වයි. සෙන්ටි මීටරයක් දෙකත් අතර පළලය.. කුඩා මල් විශාල සංඛ්යානවක් එක් පොකුරට එල්ලා වැටෙන ආකාරයෙන් පිපේ. සුදු පාට පුෂ්පයේ රෝස පැහැති පුල්ලි දැකිය හැකියි. source

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Image
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.   ගැටබරු රජ මහා විහාරස්ථානය ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී  ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී. හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 6
Related Posts Plugin for WordPress, Blogger...