Posts

Showing posts from 2014

විල්පිට දණ්ඩියා [Wilpita Dandiya]

Image
Source : www.lankadeepa.lk by : වේරගොඩගේ සජිව විජේවීර අකුරැස්ස හා කඹුරුපිටිය අතර ඇති විල්පිට වනාන්තරය ආශ්‍රිත දොළකින් සොයාගත් දණ්ඩියා විල්පිට දණ්ඩියා ලෙස නම් කැරිණි. සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරා විල්පිට Rasbora wilpita යනුවෙන් හඳුන්වන විල්පිට දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂයකි.

රතු තොල් වැලිගොව්වා [Rathu Thol Waligowwa]

Image
Source : www.lankadeepa.lk by : වේරගොඩගේ සජිව විජේවීර වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.

අක්කපාන [Akkapana]

Image
Scientific name : Bryophyllum pinnatum Wiki page : Go

යාපනය බලකොටුව [Jaffna Fort]

Image
 උපුටා ගැනීම Sri Lankawe දර්ශණීය ස්ථාන හා ජායාරූප යාපනයේ සංචාරක ස්ථාන සැලකීමේදී නගරය ආසන්නයේ පිහිටා ඇති බලකොටුව සුවිශේෂීය. පෘතුග්‍රීසින් විසින් ගොඩනඟන ලද මෙය ලන්දේසින් විසින් පුළුල් කරනලදී. පසුගිය යුදමය වකවානුවේ ගරාවැටී තිබී මානුෂික මෙහෙයුමෙන් පසුව නැවත පිලිසකර කරවන ලදී.

ඉසුරුමුණි විහාරස්ථානය [Isurumuniya Viharaya]

Image
බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනභිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටා තිබෙයි. වළාකුල් පොකුරක ස්වරූපයෙන් දිස්වන ගල්පර්වතයක් ආශ්‍රයේ රමණිය දසුනක් මැවීමට සමත් ස්වාභාවික පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් චිත්‍රයක් පරිද්දෙන් ඔපවත් කරමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය ගොඩනංවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) විසින් බව කියැවෙයි. ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. මෙහි ඇති යුග කීපයකට අයත් පුරා විද්‍යාත්මක සාධක සංචාරකයන්ගේ මෙන්ම වන්දනාකරුවන්ගේ සිත් සතන් වඩාත් මෝහනයට පත් කරවීමට සමත්ව තිබේ. ගල්පර්වතය ඉහැත්තෑවේ ඇති කුඩා ස්තූපය, පර්වත මධ්‍යයේ ගුහා විහාර මන්දිරය, පාද මූලයේ ශෛලතලාවේ කෘතිමව සාදා ඇති දිය පොකුණ, මෙන්ම පසෙක දිස්වෙන ඓතිහාසික බෝ සමිඳුන්, නැග බැස යන ශෛලමය පිය ගැට පෙළ ආදියෙන් ස්වභාව ධර්මයේ නිර්මාණයට තවත් හැඩ තල

Lover Slip - Nuwara Eliya

Image
පිදුරුතලාගල කඳුවැටියෙන් ඇරඹෙන දියදහරකින් ලවර්ස්ලීප් (පෙම්වතුන්ගේ පිම්ම ) ඇල්ල නිර්මාණය වේ. නුවර එළිය නගරයේ සිට කි.මි 2ක් පමණ දුරින් හාවාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති දියඇල්ලට මාර්ගයේ සිට මි. 600 පමණ ගමන් කිරීමෙන් ලඟා විය හැකිය. 

රත්ගඟ විහාරය ~ පුංචි දඹදිව [Rathganga wiharaya ~ Punchi dambadiwa]

Image
Related Posts Plugin for WordPress, Blogger...