Posts

Showing posts from June, 2014

Wasgamuwa National Park[වස්ගමුව ජාතික වනෝද්යානය]

Image
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. 12 වැනි සියවසේ පරාක‍්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද ‘කාලිංග’ ඇළද ඊට අමතරව මාලගමුව, විල්මිටිය, දාස්තොට, වස්ගමුව වැව්වල නෂ්ඨාවශේෂයන් මෙහි අතීත සෞභාග්‍ය විදහා දක්වයි. අඹන්ඟග මහවැලි ගඟට සම්බන්ධ වන ස්ථානයට නුදුරුව ‘දාස්තොට’ වැව පිහිටා තිබේ. ඊට පහළින් මහවැලි ඟග මැද දුපතක් පිහිටි ස්ථානයකින් ‘කාලිංග’ ඇළ ඇරඹේ. මෙම ස්ථානය එකල කාලිංග නගරය ලෙස හඳුන්වා තිබේ. ඇළේ නටබුන් අඛණ්ඩ ලෙසකින් දක්නට තිබෙන අතර ඇතැම් ස්ථාන කුඹුරු බවට පරිවර්තනය වී තිබේ. අතීතයේ කාලිංග ඇළ මගින් ත‍්‍රිකුණාමලය අසල ඇති ‘අල්ලෙයි’ වැවට ජලය ගෙන ගිය බව විශ්වාස කෙරේ. ඓතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක් වස්ගමුව උද්‍යානය තුළ පිහිටා ඇත. ඒ මහජනයාට පහසුවෙන් යා හැකි යුදඟනා පිටියයි. ඒ දුටුගැමුණු සහ සද්ධාතිස්ස ද්වන්ද යුද සටනක යෙදුනු ස්ථානයයි. එදා සද්ධාතිස්ස රජුට පැරදී පලාගොස් බත්මුල ලිහා අනුභව කළ ‘කදුරු තොටද’ ඒ අසලය. දෙබෑයන්ගේ බිහිසුණු සටන නිසා ශාසන උද්දීපන කටයුතුවලට බාධාවක් වේ දෝයයි හටගත් බිය නිසා එදා රහතුන් මවා පෑයෙයි කියන ‘රහතන් කන්ද’ දකුණින් පිහිට

Maligawila[මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7 වන සියවස)]

Image
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.   අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ.. මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි. මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක්

Rangiri Dambulu Rajamaha Viharaya [ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය (ක්‍රි.ව. 1056- 1111)]

Image
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. වාභාවික නිර්මාණයක් සුන්දර චිත්‍රයක් ලෙසින් පරිසරය විසින් අපට දායාද කළ දඹුල්ල ලෙන් විහාර පද්ධතිය ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ නිර්මාණශීලි දෑතින් තවත් වර්ණවත් වී තිබෙ යි . අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත. රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය නමින් ප්‍රකටව ඇති මෙම ඓතිහාසික සිද්ධස්ථානයෙහි පෙළට ලෙන් පහක් ඇති අතර මෙය ලංකාවේ බෞද්ධ ලෙන් විහාර අතර අනභිබවනීය පුදබිමකි. ----------------------------------------------------------------------------------------------------------------------------------------------- මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර ට කි.මී. 72 ක් දුරින්, මාතලේට උතුරින් සහ කොළඹ සිට වයඹ දෙසට කි.මී. 147 ක්දුරින් මෙය පිහිටා තිබෙ යි. ඓතිහාසික - ශාසනික මෙන්ම පුරා- විද්‍යාත්මක වටිනාකමකින් එකසේ අනූන මෙම පුද බිම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද වන්දනාමාන සඳහා යනෙන බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් බොදු සංස්කෘතික උරුමයකි. කඳු පර

Kaluthara bodhiya [කළුතර බොධිය]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sinhala buddhist වෙතින් උපුටා ගන්න ලද්දකි. මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි. සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ. කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට

වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මර්ගය [Nanuoya - Ragala railway]

Image
මෙය www.elakiri.com වෙතින් උපුටා ගන්න ලද්දකි. මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. රචකයා දිරිමත් කිරීමට පහත යොමුඑවෙන් ගොස් කොම්මෙන්ට් එකක් පලකරන මෙන් කරුනිකව ඉල්ලා සිටිමි[ Go ]. වසර 150 කට ආසන්න ඉතිහාසයක් ඇති ලංකාවේ දුම්රිය සේවය භා බැදූණු උසින්ම පිහිටි දුම්රිය මර්ගය වූයේ දැනට වසා දමා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයයි. (Udupussellawa Rail Track - UPR) උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු නානුඔය සිට නුවර ඵළිය හරහා රාගල දක්වා වැටී තිබූ පටු දුම්රිය මර්ගයයි.මේ ඒ පිළිබඳ සුන්දර ඉතිහාසයයි. කොළඹ - බදුල්ල උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ නුවරඵළියට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස වෙනත් ප්‍රවාහන මාධයයක් සපයා ගැනීමට සිදුවුනා. නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඵළියට සැතපුම් 4 ½ ක් වූ දුර වැවිලි ප්‍රවාභනය කිරීම සභ ඔවුන්ගේ සිත් ගත් නුවරඵළිය දක්වා ගමන් කිරීම සඳභා දුම්රියක අවශයතාවය සුදු වැවිලි කරැවන්ට තදින්ම දැනුනා. 1895 අප්‍රේල් 25 දින නුවර ඵළියට පැමිණි සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාර තුමාට මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු 1900 නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තු මට්ටමින් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ උනා
Related Posts Plugin for WordPress, Blogger...