Posts

Showing posts from July, 2014

කවුඩුල්ල වනෝද්යානය [Kaudulla National Park]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. අප දේශයේ ස්භාවික සුන්දරත්වය ලොවට කියාපාන නානාවිද සත්ව ව්ශේෂ වලින් ද, විසිතුරු ජෛව විවිධත්වයෙකින් පරිපූර්ණ වූද, වසන්ත සමයේ මල්බර වන සාරවත් තුරුලතා වෘක්ෂයන්ගෙන් පිරි ඇති වන දහනින් ශ්‍රී ලංකා මාතාව සම්පූර්ණය. වන ජීවීන් තුරුලතාවන්ට පූර්ණ ආරක්ෂාව සපයමින් මහජනතාවටද වනජීවීන් තුරුලතා සහ ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට හා අධ්යතනය කිරීමට අවස්ථාව ලබාදෙන භූමි පර ත දේශ වනෝද්යාාන ලෙස හඳුන්වා දිය හැක. වනෝද්යාකන පිහිටි ඉඩම් සියල්ල රජය සතු වන අතර වනෝද්යා නයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අවසර පතර පයක් ලබා ගත යුතුයි. වනජීවීන්ගේ හා තුරුලතාවන්ගේ පැවැත්ම සඳහා වෙන්වුණු මෙවැනි ජාතික වනෝද්යායන 17 ක් පවතී.

Beauty of Sri lanka

Image

Galbada Sunandharama Purana Viharaya [ගල්බඩ සුනන්දාරාම පුරාණ විහාරය]

Image
මෙම ලිපිය ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි. පන්සලක් ගැන ලියන්නට ගිය අපට කලාගාරයක අසිරිය ලියන්නට සිදු විය. ගල්බඩ පන්සල පුරා මම ඇවිද ගියෙමි. විහාර මන්දිරය වටේ දෙතුන් වරක් ඇවිද්දෙමි. විහාර මන්දිරයේ දුටු දේ අදහා ගත නොහැකි තරමට සිත්කළුය. චිත්තාකර්ෂණීයය. රට පුරා පන්සල්වල ඇවිද ඇති මට මෙතරම් සුවිශේෂී විහාර මන්දිරයක් හමු වූවා මතක නැත. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගල්බඩ පන්සලේ විහාර මන්දිරය අද්විතීයය. සිතුවම් හා මූර්ති නිර්මාණ අතින් ද අද්විතීයය. ඒ විශිෂ්ඨත්වය අරුම පුදුමය. රට පුරා ඇවිද්දත් සොයා ගත නොහැකි අපූරු සිතුවම් බොහොමයක් මෙහි දැකිය හැකිය. විහාරයක් හැටියට ‘සුනන්දාරාමය’ වුවත් මේ පින් බිම රටම දැනගත යුත්තේ ‘හෙළ කලාගාරය’ හැටියටය. මේ සත්‍ය අසත්‍යතාව ඔබ ගොසින්ම නැරඹිය යුතුය. ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.
Related Posts Plugin for WordPress, Blogger...