Posts

Showing posts from 2013

Hinnapita Kande Viharaya, Ekiriya

Image

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

Image
අත්තනගල්ල රාජමහා විහාරය ලක්දිව පිහිටි ‍‍ පෞරාණික වූ ද සුප්‍රකට වූ ද විහාරස්ථානයන් අතර අග්‍රේසර වූවකි. එය බස්නාහිර පළාතෙහි කොළඹට සැතපුම් 28 ක් පමණ ඊසාන දෙසින් පිහිටියේ ය. මෙම විහාරාශ්‍රිත ප්‍රදේශය රාජ්‍ය වර්ෂ 247 - 249 දක්වා සිරිලක රජ කළ සිරි සංඝබෝධි (සිරිසඟබෝ) නිරිදුන් විසින් බෝධිසත්ත්වයකු ලෙස ස්වකීය බුද්ධත්වය සඳහා දාන පාරමිතාව පූරණය කළ ස්ථානය ලෙස හඳුනාගනු ලැබ ඇත. හත්ථවනගල්ල විහාරවංස නමැති පාලි චම්පූ කාව්‍යය නිර්මාණය වන්නේ මෙකී සිරි සංඝබෝධි නිරිදුන් හා අත්තනගලු විහාර පද්ධතිය වර්ණනයට පාත්‍ර කරමිනි. මෙම ග්‍රන්ථය සඳහන් කරන ආකාරයට අත්තනගල්ල රාජමහා විහාරස්ථානය සුවිශා‍ල භූමියක විස්තෘතව පැවති සියලු විහාර අංගෝපාංගයන්ගෙන් සමුපලක්ෂිත වූ පූජනීය ස්ථානයකි. අනුරාධපුර යුගයෙහි පටන් ම ලක්දිව අභිෂේකයට පත් නරේශ්වරයන්ගේ අනුග්‍රහයට හා බහුමානයට ලක් වූ බව ද විවිධ මූලාශ්‍රය සාධකයන්හි ප්‍රකාශ වෙයි. ආරම්භයේ පටන් ම මෙම විහාරස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ රජවරුන්ගේ අභිප්‍රාය වූයේ අනාගතයෙහි ද මෙහි උන්නතිය ස්ථාපිත කිරීම යි. ඒ බව හත්ථවන

Sri lankan Flowers

Kithsiri Mewan Kelaniya Raja Maha Viharaya [කිත්සිරි මෙවන් කැළණි රජමහා විහාරය]

Image
කිත්සිරි මෙවන් කැළණි රජමහා විහාරය නොහොත් එගොඩ කැළණිය Ferry to go through Kelani river And also a bridge Kithsiri Mevan Dagaba/Siwru Dagaba(කිත්සිරි මෙවන් දාගැබ/සිවුරැ දාගැබ) Kelani river(කැළණි ගඟ)

ගුරුළු රාජ - [Gurulu Raja] ඌව පළාත් පුෂ්පය

Image
This is the Uva Provincial nominated flower. ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර්ජනයට ලක්වූ වන සත්ව හා වෘක්ෂලතා වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට ද ඇතුලත්   කර තිබෙන ශාකයකි. රයින්කොස්ටයිලිස් රෙට්යුතසා නමින් උද්භිද විද්යාසත්මකව හැඳින්වේ. ඉංගීර්ත්සියෙන් ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් ප්‍රචලිතය. ගස් මත වැවෙන ශාකයක් වන මෙම උඩවැඩියා විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඌව පළාතේ තණ බිම් වල ස්වභාවිකව වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ වූ ශාකයකි. දැඩි ඝනකමින් යුතු පිටත විහිදුණු දැඩි සෘජු කඳකි. ශාකය අඩියක් පමණ උසට වැඬේ. නොවැම්බර් සිට අපේරපි ල් කාලයේ ඉතාමත් අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ගුරුළු රාජ ශාකයේ පුෂ්ප මංජරිය හේතුවෙන්ම එය ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් හඳුන්වයි. සෙන්ටි මීටරයක් දෙකත් අතර පළලය.. කුඩා මල් විශාල සංඛ්යානවක් එක් පොකුරට එල්ලා වැටෙන ආකාරයෙන් පිපේ. සුදු පාට පුෂ්පයේ රෝස පැහැති පුල්ලි දැකිය හැකියි. source

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Image
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.   ගැටබරු රජ මහා විහාරස්ථානය ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී  ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී. හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 6

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය

Image
රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට පොළොන්නරුව දක්වා වැටී තිබූ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවෙන් අනාවරණය වන ශිලා ලේඛන අතර සුවිශේෂී ශිලා ලිපි වර්ගයක් ලෙස නිශ්ශංකමල්ල ගව්ලිපි, ටැම්ලිපි ගණයට අයත් ගාවුත ලිපි ලෙස හැඳින්වීමට හැක. විශේෂයෙන්ම රුහුණු වැසියන්ගෙන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ බාධාවන්  මෙන්ම එවක රාජ්‍ය තත්ත්වයන් පිළිබඳවත් රුහුණේ මානාවුළුපුරයේ සිට පොලොන්නරුව  දක්වා වැටී තිබූ මාර්ගය පිළිබඳව නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමටත් නිශ්ශංකමල්ල ගව්ලිපි මගින් ලැබෙනා සේවය ඉතා වටිනේය. මෙම ගව්ලිපි ක‍්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ අක්ෂර සහිතව ශිලාස්ම්භය අවසානයේ ”නිශ්ශංක ගවුවයි”  යනුවෙන්ම කොටවා තිබීම මෙම ශිලා ලේඛන නිශ්ශංකමල්ල රජුගේම බව පැහැදිලිවම හඳුනාගත හැක.ගව්වක් යනු යොදුනෙන් හතරෙන් පංගුවකි. ගව්වෙන් ගව්ව නිශ්ශංකමල්ලයන් විසින් පිහිටවූ මෙම ලිපි මුළු මහත් රෝහණයෙන්ම. විශාල ලෙස සොයා ගැනීමට පසුකාලීනව හැකියාව ල

රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්රී තේජෝවරාරාමය [Pallawela keerthi sri rajasinghe thejowararamaya , Hakmana]

Image
හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ් ‍ රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි . කීර්ති ශ් ‍ රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනප ‍ ් ‍ රවාදයේ සඳහන් වෙයි . ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති . රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත . පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය . වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය . එහි දී රැස් කරගත් පින කීර්ති ශ් ‍ රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත . ඒ පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ් ‍ රී තේජවර යන ගෞරව නාමය ප ‍ ් ‍ රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ . දර්
Related Posts Plugin for WordPress, Blogger...