කොළපතන දියඇල්ල - මන්දාරම්නුවර(හඟුරන්කෙත) [KOLAPATHANA WATERFALL - MANDARAMNUWARA]



ගමන් මාර්ගය : රිකිල්ලගස්කඩ => පදියපැලැල්ල => මන්දාරම්නුවර(මේ දක්වා ඔබට මාර්ගයේ ධාවනය වන පොදු ප්රපවාහන සේවා භාවිතා කර ගමන් කළ හැක.) ඉන් අනතුරුව මන්දාරම්නුවර බෝධිය අසල සිට මන්දාරම්නුවර උඩවෙල විද්යාිලය දෙසට ඇති මාර්ගයේ මිටර් 500ක් පමණ ගමන් කළවිට මන්දාරම්නුවර පැරණි තේ කර්මාණ්ත ශාලාව හමුවේ. ඒ දක්වා ගමන් කර එහි සිට
ඉදිරියට ඇති කොන්ක්රිකට් ඇතිරූ මාර්ගයේ තවත් මිටර් 500ක් පමණ ගමන් කර හමුවන මන් සන්දියෙන් දකුණට හැරී තවත් මිටර 200ක් පමණ ගමන් කළ විට ප්රමධාන මාර්ගය අවසන් වේ. (මේ දක්වා එළවළු ප්රැවාහනය කරන් ලොරි පමණක් ධාවනය වේ.) එතැන් සිට දකුණු දෙසට ඇති අඩි පාරේ මිටර් 50ක් පමණ ගමන් කර ඇල මාර්ගයක් වෙත ලගා විය හැක. එම ඇල මාර්ගයේ දකුණු දෙසට තවත් මිටර් 200ක් පමණ ගමන් කළ විට ප්ර ධාන දිය පහරක් හමුවන අතර එතැන් පටන් ගමන් කළයුතු මාර්ගයද තරමක වන ගහනය සහිත ප්රමදේශයක් හරහා වැටී පවතී. එමෙන්ව නිෂ්චිත මාර්ගයක් නොවන අතර වනාන්තරය තුළන් ඇති අඩි පාරවල් භාවිතා කරමින් දියඇල්ල වෙත ළඟා විය හැක. මේ ප්රනදේශය තියුණු බෑවුම් සහිතව පිහිටා ඇති බැවින් ආරක්ෂාව පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. 


පිදුරුතලාගල කඳුවැටිය හරහා ඇඳහැලෙන මෙම සුන්දර දියදහර නිතැතින්ම දකින්නන්ගේ සිත් වශී කරගැනීමට සමත් වෙයි. දුටුවනට මොහොතක් ඇසිපිය හෙලීම අමතක කිරීමට සමත්කම් ඇති මෙම සුන්දර දියඇලි කොමළිය සත්තකින්ම හඟුරන්කෙත අප ලැබූ මාහැගි සම්පතක්. හඟුරන්කෙත අප අත්විදින දේශගුණයට හාත්පසින්ම වෙනස් දේශගුණයක් පවතින ප්රිදේශයක් වන මන්දාරම්නුවර ප්රපදේශයේ සංචාරයක් නිරතවිමට ඔබ අදහස් කරන්නේ නම් නොවරදවාම පැමිණිය යුතු ස්ථානයක් ලෙස මෙම ස්ථානය මතකයෙහි රඳවා ගැනීම අත්යානවශ්යදම කරුණක්.

අප මිට පෙර තොරතුරු ගෙන ආ මණ්ඩාවල දියඇල්ල ගැන පැවසූ පරිදිම, කොලපතන දියඇල්ලද මිනිසාගේ කුරිරු විනාශයන්ට හසූ නොවී පැවතීම අප කාගේත් වාසනාවක්ම වන්නේය. එය ඒ ආකාරයෙන්ම රුකගෙන අපගේ ඉදිරි පරපුරට දායාද කිරීම අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. 




Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]