කවුඩුල්ල වනෝද්යානය [Kaudulla National Park]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.

අප දේශයේ ස්භාවික සුන්දරත්වය ලොවට කියාපාන නානාවිද සත්ව ව්ශේෂ වලින් ද, විසිතුරු ජෛව විවිධත්වයෙකින් පරිපූර්ණ වූද, වසන්ත සමයේ මල්බර වන සාරවත් තුරුලතා වෘක්ෂයන්ගෙන් පිරි ඇති වන දහනින් ශ්‍රී ලංකා මාතාව සම්පූර්ණය.

වන ජීවීන් තුරුලතාවන්ට පූර්ණ ආරක්ෂාව සපයමින් මහජනතාවටද වනජීවීන් තුරුලතා සහ ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට හා අධ්යතනය කිරීමට අවස්ථාව ලබාදෙන භූමි පර ත දේශ වනෝද්යාාන ලෙස හඳුන්වා දිය හැක. වනෝද්යාකන පිහිටි ඉඩම් සියල්ල රජය සතු වන අතර වනෝද්යා නයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අවසර පතර පයක් ලබා ගත යුතුයි. වනජීවීන්ගේ හා තුරුලතාවන්ගේ පැවැත්ම සඳහා වෙන්වුණු මෙවැනි ජාතික වනෝද්යායන 17 ක් පවතී.



කව්ඩුල්ල, භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්රි- ලංකාවේ එකම ජාතික උද්යා නය ලෙස කවුඩුල්ල ජාතික උද්යා-නය හැඳින්විය හැකිය. උද්යායනය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරැළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි.

 

කවුඩුල්ල ජාතික උද්යා්යනය ආශ්‍රිතයව දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්රතවාදයේ සඳහන් වේ.

විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්යාසනය උතුරු මැද පළාතේ
පොළොන්නරුව දිස්ත්‍රික්යේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්රාළදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්යාදනයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත. කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්යාිනයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන් ඔබ්බට ගමන් අරඔයි. වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්රේතල් සිට ඔක්තෝම්බර් දක්වා වියළි තාලගුණයත් පවති.

කවුඩුල්ල ජාතික උද්යාුනය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුමියේ ය.මේ නිසා කවුඩුල්ල ජාතික උද්යාලනය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්රිහ ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ.ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්යා නය වසර පුරාම ව්ශේෂයෙන්ම වියළි කාලයේ අලි ඇතුන්ගේ වාසටයට මනා පරිසරයක් උදාකර දේ.

නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද,තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා,තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්ෂික සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්යායනය තුළ දැකගත හැකිය.
කවුඩුල්ල ජාතික උද්යාතනයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි.උද්යාුනය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය.මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්ෂිය විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය.
හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්යා නය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මඟනි
.
ඵය ශ්‍රී ලංකාවේ සැබෑ උරැමයක් වන නිසාම 2002 වර්ෂයේ අප්‍රේල් මස 01 වන දින ජාතික වනෝද්යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රී ලංකාවේ රක්ෂිත ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි. එහි ඡෛව විවිධත්වය සහ ඡලවිද්යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය.

Links : 

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]