රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්රී තේජෝවරාරාමය [Pallawela keerthi sri rajasinghe thejowararamaya , Hakmana]

හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ්රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි. කීර්ති ශ්රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනපරවාදයේ සඳහන් වෙයි.
ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති. රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත.

පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය.

එහි දී රැස් කරගත් පින කීර්ති ශ්රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත. පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ්රී තේජවර යන ගෞරව නාමය රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ.
දර්ශනීය පෙරහරකින් රත්නපුර හරහා එන අතරතුර දී හමුවූ විජේරිය නින්දගම ධම්මදස්සී නාහිමියන්ට පූජා කළ බව ජනපරවාදයේ සඳහන් වෙයි. උන්වහන්සේ වැඩම කරවීම සඳහා පෙරහරට උපයෝගී කර ගත් දෝලාව, දවුල්, තම්මැට්ටම් පල්ලැන්නිය ආදී පූජා භාණ්ඩ අද එම විහාරස්ථානය වෙත ගිය විට දැකගත හැකිය.


රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට ලැබුණු ගෞරව නාමය මුල් කරගෙන පල්ලාවෙල විහාරස්ථානය කීර්ති ශ්රී තේජෝවරාරාමය ලෙස නම් කොට තිබේ.


මාතර නගරයේ සිට හක්මන හරහා මුලටියන මාර්ගයේ කිලෝමීටර් 32 දුරක් ගිය විට මෙම විහාරස්ථානය හමු වෙයි. සුන්දර කුඹුරු යායක් මැද එය පිහිටා ඇත.


විහාර ගෙට පිවිසීමට ඇත්තේ දර්ශනීය මකර තොරණක් මැදිනි. විෂ්ණු හා කතරගම දේවාල දෙකක් දෙපසින් පිහිටා තිබේ.
බුද්ධ මන්දිරය තුළ විශාල හිඳි පිළිම දෙකක් නිර්මාණය කොට තිබේ. ඊට අමතරව සත් සතිය, අසූ මහා රාවකයින් හා අටවිසි බුදු පිළිම වහන්සේලා දැක ගත හැකිය.ටැම්පිට විහාරස්ථානයේ තිබූ බවට සැක කෙරෙන ලීවලින් තනන ලද නුවර සම්පරදායට අයත් පිළිමයක් එහි රදර්ශනය කොට ඇත.



වෙනත් විහාරවල තිබෙන සතර පෙරනිමිති වෙනුවට මෙම විහාරයේ දැකගත හැකි වන්නේ තුන් පූර්ව නිමිතිය. පැවිදි වීමට හේතුව ලෙස මහල්ලෙක්, ලෙඩෙක් හා මළමිණියක් දක්වා තිබුණ පැවිදි රුව නිර්මාණය කර ඇත්තේ වළාකුළුවල පෙනෙන නොපෙනෙන ආකාරයටය. යටත් විජිත සංකල්පය නිරූපනය කරන  ඕලන්ද යුගයට අයත් සියවටුක යක්ෂ රූප මෙම විහාරයේ දැකගත හැකිය.
වසර 300කට වඩා පැරණි බෝ ගස විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිඹිඹු කරයි. රංසෑගොඩ ධම්මදස්සී සිල්වතුන් වහන්සේ එහි යට බණ භාවනා කළ ස්ථානය තවමත් දැකගත හැකියි.



වසර 250කට වඩා පැරණි සංඝාවාසය වසර 110ක් පැරණි පොත් ගුල අතීත ශ්රී විභූතිය මනාව පෙන්නුම් කරයි. පැරණි පුස්කොළ පොත් සිය ගණනක් එහි තැන්පත් කොට තිබේ.


පැරණි තේක්ක අල්මාරියක්, චීන කැටයම්වලින් යුතු ටීපෝවක් හා යුග පුටුව ආදී අලංකාර ගෘහ භාණ්ඩ රැසක් එහි දැකගත හැකිය.
බුද්ධ වර්ෂ 2430 දී ඉදි කළ ධර්ම ශාලාවේ ලීවලින් සාදන ලද පිරිත් මණ්ඩපය දැකුම්කළු නුවර යුගයේ කැටයම් එහි ඇති අතර දැනට වාර්ෂික කඨින පිංකම පැවැත්වෙන අවස්ථාවේ පිරිත් කීමට යොදා ගන්නේ එම පිරිත් මණ්ඩපයයි.



රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ගෙන් ආරම්භ වූ මෙම විහාරස්ථානය නගා සිටුවීම සඳහා සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්මකීර්ති ගුණරතන, රංසෑගොඩ සුමන, අපරැක්කේ සරණපාල යන නාහිමිවරු විශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. එම නිසාම උන් වහන්සේලා පිළිඹිඹු කෙරෙන චිත බුදු මැදුරෙහි මනාව නිරූපනය කර තිබේ.


අනතුරුව විහාරාධිපති තනතුරට පත්වූ කැටියපේ ශ්රී සංඝානන්ද රංසෑගොඩ සරණතිස්ස හා පල්ලාවෙල සිරිනිවාස යන නාහිමිවරුන් විහාරස්ථානය දියුණු කිරීමට නොගත් වෙහෙසක් නොමැත.


වර්තමානයේ කීර්ති ශ්රී තේජෝවරාරාමයේ දියුණුවට පුරෝගාමී වී කටයුතු කරන්නේ එහි විහාරාධිපති හා මුලටියන සමථ බල මණ්ඩලයේ සභාපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ය. උන් වහන්සේ මාතර මන්තින්ද පිරිවෙනේ නියෝජ් පරිවේනාධිපති හිමියෝ වෙති.


විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියෝ මෙසේ කීහ.
1974 වසරේ ඉඳලයි මම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. 1995 මැයි මස 25 වැනිදායි විහාරාධිපති තනතුරට පත් වුණේ. මේ ඓතිහාසික විහාරස්ථානය මගින් මුළු රදේශයම ආලෝකමත් වෙලා තිබෙනවා. වසර 300කට වඩා පැරණි විහාරස්ථානය තුළ දැක බලා ගැනීමට වටිනා ගොඩක් දේ තිබෙනවා. ශ්රී සංඝානන්ද දහම් පාසල මගින් දරු දැරියන් විශාල පිරිසකට දහම් අධ්යාපනය ලබා දෙනවා. ශ්රී ගුණාලංකාර පූර්ව ළමා විය සංවර්ධන මධ්යස්ථානය ජනතාව අතර ජනපරිය වී තිබෙනවා. රදේශයට ආගමික, ශාසනික හා සමාජීය සේවා රැසක් ඉටු කරන මේ ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන උතුම් පුණ්යකර්මයක් වෙනවා.



කෙසේ වෙතත් පල්්ලාවෙල කීර්ති ශ්රී තේජෝවරාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීමේ මහෝත්සවය මෙම 13 වැනි දින සවස 2.00 අගරාමාත් දි.මු. ජයරත්න මහතාගේ රධානත්වයෙන් සිදු කෙරේ.

සඳහා ආයෝජන රවර්ධන අමාත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත් මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් රධාන අමාත් ශාන් විජයලාල් සිල්වා, දායක සභාවේ අනුශාසක හා ලංකාදීප රධාන කර්තෘ සිරි රණසිංහ හා මාධ්යවේදී අජන්ත කුමාර අගලකඩ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.








මාතරක‍්‍රිෂාන් ජීවක ජයරුක්  /  මුලටියනඑස්. බාලසූරිය


Comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]