Posts

Showing posts with the label temple

ඉසුරුමුණි විහාරස්ථානය [Isurumuniya Viharaya]

Image
බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනභිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටා තිබෙයි. වළාකුල් පොකුරක ස්වරූපයෙන් දිස්වන ගල්පර්වතයක් ආශ්‍රයේ රමණිය දසුනක් මැවීමට සමත් ස්වාභාවික පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් චිත්‍රයක් පරිද්දෙන් ඔපවත් කරමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය ගොඩනංවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) විසින් බව කියැවෙයි. ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. මෙහි ඇති යුග කීපයකට අයත් පුරා විද්‍යාත්මක සාධක සංචාරකයන්ගේ මෙන්ම වන්දනාකරුවන්ගේ සිත් සතන් වඩාත් මෝහනයට පත් කරවීමට සමත්ව තිබේ. ගල්පර්වතය ඉහැත්තෑවේ ඇති කුඩා ස්තූපය, පර්වත මධ්‍යයේ ගුහා විහාර මන්දිරය, පාද මූලයේ ශෛලතලාවේ කෘතිමව සාදා ඇති දිය පොකුණ, මෙන්ම පසෙක දිස්වෙන ඓතිහාසික බෝ සමිඳුන්, නැග බැස යන ශෛලමය පිය ගැට පෙළ ආදියෙන් ස්වභාව ධර්මයේ නිර්මාණයට තවත් හැඩ තල ...

රත්ගඟ විහාරය ~ පුංචි දඹදිව [Rathganga wiharaya ~ Punchi dambadiwa]

Image

යුදඟනාව රජමහා වෙහෙර (ක්‍රි.ව. 1153 – 1186) [Yudhagana Rajamaha Vehera]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.   දුටුගැමුණු රජ දකුණේ සේනාව රැස්කර උතුරට ගියේ මොනරාගල බුත්තල හරහාය. බුත්තලට ඒ නම ලැබුණේ එකල සිංහල හමුදාවලට නිරන්තරයෙන්ම බත සැපයු මහ දන්සැලක් එහි තිබු බැවිනි. ඒ අනුව බත්හල පසුව බුත්තල වී ඇතැයි ජනප්‍රවාදවල පවතී. මේ බුත්තලින් බත් කෑ සිංහල සේනාව පසුව බුත්තල සිට සැතපුම් 1 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයේ ගිමන් හැරීම ද කර ඇත. වත්මන් මොනරාගල යුදඟනාව පුරාණ රජමහා විහාරාධිකාරී ගල්ටැම්වත්තේ නන්දරතන හිමි පවසන පරිදි දුටුගැමුණු කුමාරයා උතුරේ සටනට ගියේ මේ යුදඟනාව චුලංගනි මහ වෙහෙරට පැමිණීමෙන් පසුවය. අප මාතෘ භූමියේ ඇති සුවිසල් චෛත්‍ය අතර යුදඟනාව චෛත්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මෙම චෛත්‍යය ගොඩ නංවා තිබෙයි.ඌව ප්‍රදේශයේ ඇති සුවිශාලම ස්තූපය මෙය වෙයි. යුධඟනා දාගැබ ඉතිහාස වංශ කතාවේ අපූර්ව වූ සංසිද්ධියක් නිසා ඉදිවෙන පූජනීය ස්මාරකයකි. ඒ නිසාම මෙය ලාංකික ස්තූපයන් අතර විශේෂත්වයක් උසුලයි. අපගේ ඉතිහාසය ...

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.  කාලයේ වැලිතලාවෙන් සැඟවුනු ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය පුදබිම. වර්ෂ 1948 අද වැනි දිනක නැවත ප්‍රතිසංස්කරණය කළ මහියංගනය පුදබිම.  අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන්

Rangiri Dambulu Rajamaha Viharaya [ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය (ක්‍රි.ව. 1056- 1111)]

Image
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. වාභාවික නිර්මාණයක් සුන්දර චිත්‍රයක් ලෙසින් පරිසරය විසින් අපට දායාද කළ දඹුල්ල ලෙන් විහාර පද්ධතිය ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ නිර්මාණශීලි දෑතින් තවත් වර්ණවත් වී තිබෙ යි . අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත. රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය නමින් ප්‍රකටව ඇති මෙම ඓතිහාසික සිද්ධස්ථානයෙහි පෙළට ලෙන් පහක් ඇති අතර මෙය ලංකාවේ බෞද්ධ ලෙන් විහාර අතර අනභිබවනීය පුදබිමකි. ----------------------------------------------------------------------------------------------------------------------------------------------- මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර ට කි.මී. 72 ක් දුරින්, මාතලේට උතුරින් සහ කොළඹ සිට වයඹ දෙසට කි.මී. 147 ක්දුරින් මෙය පිහිටා තිබෙ යි. ඓතිහාසික - ශාසනික මෙන්ම පුරා- විද්‍යාත්මක වටිනාකමකින් එකසේ අනූන මෙම පුද බිම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද වන්දනාමාන සඳහා යනෙන බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් බොදු සංස්කෘතික උරුමයකි. කඳු පර...

Kaluthara bodhiya [කළුතර බොධිය]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sinhala buddhist වෙතින් උපුටා ගන්න ලද්දකි. මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි. සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ. කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට...

Kithulpe Rajamaha Viharaya [කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)]

Image
Full credit of this article goes to original author of this( Sri Dalada Maligawa ). We are only republishing these articles form there fan page.   වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ----------------------------------------------------------------------------------------------------------------------------  ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ජල දුර්ග වන දුර්ගයෙන් සුරක්ෂිත වූ කිතුල්පේ කියන ගමෙහි ඒ අවස්ථාවට සුදුසු ලෙස කළ මාළිගා මන්දිරයට වැඩමවා තේවාව ආදී බුද්ධ පූජා පවත්වමින් දිවා රාත්‍රි දෙක්හි අප්‍රමාදත්වයෙන් යෙදී තුන් ලෝ වාසීන්ට වැඩ පිණිස බුදුන් වදාළ උතුම් රුවන් සූත්‍ර සතිපට්ඨාන සූත්‍රාදී වත් පිරිත් නොකඩ කොට පවත්වමින් (දළදා විත්තිය සංස් : පුංචි බණ්ඩාර සන්නස්ගල) මේ සිද්ධි...

Seruwila Mangala Mahaseaya [සේරුවිල මංගල මහා සෑය]

Credit goes to the original author of this article( සිංහලේ අතීතය සොයා ). ඓතිහාසික මෙන්ම ශාසනික වටිනාකමකින් අනූන සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්රිකුණාමල දිස්ත්රික්කයේ ය. ත්රිකුණාමලයේ සිට මහ සයුරෙන් කි.මී. 14.4 ක් පමණ යාත්රා කිරීමෙන් පසුව මුතූර් වලට ගොඩ බැසිය හැකි ය. එතැන් සිට සේරුවිලට කි.මී. 16 කි. ගොඩබිමෙන් පැමිණෙන්නේ නම් කන්තලේ සිට කි.මී. 48 ක දුරක් ගමන් කළ යුතු වෙයි. ත්රිකුණාමල මඩකළපු මාර්ගයේ කින්නියාතොට, උප්පුආරු තොට හරහා කි.මී. 41.6 ක දුරක් ගමන් කිරීමෙන් ද සේරුවිල පුද බිම වෙත ලඟා විය හැකි ය. මෙහි වන සේරු නම් විල නිසා ඊට අයත් ප්රදේශයට සේරු නුවර යැයි නම් කළ බව කියැවෙ යි.සේරු -ආ - විල සේරුවා විල ලෙස ද ප්රකටව තිබෙ යි. දුරාතීතයේ සිටි රහතන් වහන්සේලා පැන් පහසුව සඳහා මෙම විලට නිබඳව වැඩිය බවත් එසේ සිවුරු ආ විල පසු කලෙක සේරුවාවිල ලෙස කට වහරට සම්බන්ධ වු බවත් ජන වහරේ පැවැත එන තවත් මතයකි. 13 වැනි සියවෙසහි රචිත ධාතු වංශයට අනුව ගෞතම සම්බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩිය අවස්ථාවේ මෙම පුද බිමෙහි චෛත්ය රාජයාණන් පිහිට වු ස්ථානයේ නිරෝධ සමාපත්ති සුවයෙන් සම වැදි සි...

Lihiniyagala Len Viharaya [ලිහිණියාගල ලෙන් විහාරය]

Source : සිංහලේ අතීතය සොයා All the credits goes to original author( සිංහලේ අතීතය සොයා ) of this article. මහනුවර දිස්ත්‍රික්කයේ උඩහේවාහැට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි වලපනේ නගරය පසුකර මහවැලි රජ මාවත දිගේ කි.මි. 4ක් පමණ මහනුවර දෙසට ගමන් කරන විට ඛෙලිහුල් ඔය හරහා ඉදිකර ඇති පාළම හමු වේ. එම පාළම අසලින් දකුණු දෙසට පිහිටි මාර්ගයේ මඳ දුරක් ඉදිරියට ගමන් කළ විට ලිහිණියාගල ලෙන් විහාරයට ළඟා විය හැක. මෙම ඛෙලිහුල් ඔය දෙපස විශාල කුඹුරු යායවල් 2ක් දක්නට ඇත. ඒවා නමින් දියහැරුම සහ ලැවසූරිය නමින් හැදින් වේ. මෙම ප්‍රදේශය ඉපැරණි ගංගාධාර ශිෂ්ඨාචාර ක්‍රමයට අයත් ප්‍රදේශයක් ලෙස අනුමාන කල හැකි සාක්ෂි පවතී. ඉපැරණි අනුරාධගාම රාජ්‍ය යුගය මල්වතු ඔය ආශ්‍රිතව ආරම්භ වු වකවානුවේම මෙම ඛෙලිහුල් ඔය ගංගාධාරය දෙපස ප්‍රදේශය ජනාවාස තිබූ බවට ජනප්‍රවාද වල සඳහන් වේ. ක්‍රි.පූ. 2වන සියවසේ දී පවා මෙම ප්‍රදේශය ජනාවාස තිබූ බව මෙම ජනප්‍රවාද අනුව පිළිගත හැකි මට්ට්මක කැරණු තහවුරු කර ගත හැක. ඵෙතිහාසික ළිහිණියා ගල ලෙන් විහාරය අභය නම් රහතන් වහන්සේ සාමනේර අවධියේ සිය ආගමික කටයුතු සඳහා පැමිණි ස්ථානයක් ලෙස ජනප්...

Bellanwila Rajamaha Wiharaya [බෙල්ලන්විල රජ මහා විහාරය]

Image
බෙල්ලන්විල පුද බිමෙහි අභිමානවත් ප්රබල ලකුණක් බවට පත් වී ඇත්තේ මෙම දෙතිස්ඵල රුහ බෝධියයි. සිංහල බෝධි වංශය මීට සාක්ෂි දරයි. එහි දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථාන ග්රාම නාමයන් අතර බෙල්ලන්විල ග්රාම නාමයටද ඓතිහාසික වටිනාකමක් එක්කර දී තිබෙයි. යුග යුග පසුකිරීමේ දී එදා මෙම ඓතිහාසික පුදබිම ද වනයට වසන් වී ජන ශූන්ය වී පැවැතුණි. අනුරාධපුර යුගයෙන් පසු කලෙක එළැඹෙන කෝට්ටේ යුගයේ දී සවැනි පැරකුම්බා රජතුමා සාහිත්යයට පමණක් නොව ශාසනයේ සමෘද්ධිය වෙනුවෙන් සැළකිය යුතු සේවයක් කළ බව ප්රකටය. එම යුගයේ දී ඓතිහාසික පැපිලියාන සුනේත්රාදේවි පිරිවෙන බිහිවෙන අතර එහි භික්ෂූන් වහන්සේලා බෝධි වන්දනාව පිණිස එදා පැවැති කෙටි මං ඔස්සේ බෙල්ලන්විලට පැමිණි බව කියැවෙයි. සීතාවක යුගයේ දී ‘වන සැවුල් අස්නෙහි’ මෙම විහාරය පිළිබඳව සටහන් වී ඇති බව ද සඳහන් වී තිබෙයි. 1505 වසර අප මාතෘභූමිය පර දේශක්කාර පෘතුගීසීන් ආක්රමණය කළ එක් අඳුරු වසරකි. එහිදී ඔවුන් විශේෂයෙන් මේ මව්බිමේ වැසියන්ට සැනසීම උදාකළ වෙහෙර විහාර බිම් වනසා දැමීමට තරම් කුරිරු වූ බව කවුරුත් දන්නා සත්යයකි. මෙහි ඵල විපාක වශයෙන් බෙල්ලන්විලටත් අභාග්යසම්පන්න යුගයක්...

Hinnapita Kande Viharaya, Ekiriya

Image
Related Posts Plugin for WordPress, Blogger...