Lihiniyagala Len Viharaya [ලිහිණියාගල ලෙන් විහාරය]
Source : සිංහලේ අතීතය සොයා
All the credits goes to original author(සිංහලේ අතීතය සොයා) of this article.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩහේවාහැට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි වලපනේ නගරය පසුකර මහවැලි රජ මාවත දිගේ කි.මි. 4ක් පමණ මහනුවර දෙසට ගමන් කරන විට ඛෙලිහුල් ඔය හරහා ඉදිකර ඇති පාළම හමු වේ. එම පාළම අසලින් දකුණු දෙසට පිහිටි මාර්ගයේ මඳ දුරක් ඉදිරියට ගමන් කළ විට ලිහිණියාගල ලෙන් විහාරයට ළඟා විය හැක.
මෙම ඛෙලිහුල් ඔය දෙපස විශාල කුඹුරු යායවල් 2ක් දක්නට ඇත. ඒවා නමින් දියහැරුම සහ ලැවසූරිය නමින් හැදින් වේ. මෙම ප්‍රදේශය ඉපැරණි ගංගාධාර ශිෂ්ඨාචාර ක්‍රමයට අයත් ප්‍රදේශයක් ලෙස අනුමාන කල හැකි සාක්ෂි පවතී. ඉපැරණි අනුරාධගාම රාජ්‍ය යුගය මල්වතු ඔය ආශ්‍රිතව ආරම්භ වු වකවානුවේම මෙම ඛෙලිහුල් ඔය ගංගාධාරය දෙපස ප්‍රදේශය ජනාවාස තිබූ බවට ජනප්‍රවාද වල සඳහන් වේ. ක්‍රි.පූ. 2වන සියවසේ දී පවා මෙම ප්‍රදේශය ජනාවාස තිබූ බව මෙම ජනප්‍රවාද අනුව පිළිගත හැකි මට්ට්මක කැරණු තහවුරු කර ගත හැක.
ඵෙතිහාසික ළිහිණියා ගල ලෙන් විහාරය අභය නම් රහතන් වහන්සේ සාමනේර අවධියේ සිය ආගමික කටයුතු සඳහා පැමිණි ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. ක්‍රි.පූ. 161 - 137 අතර වූ කාලයේ දුටුගැමුණු මහරජු යටතේ ඔහුගේ යුධ හමුදාවේ සිටි උසස් යුධ නිලධරයෙකු ලෙස සේවය කළ අභය සාමනේරයන් වහන්සේගේ පියා ගාල්ල දිස්ත්‍රික්කයේ කොටගල අසල කිත්තිගම ග්‍රාමයේ ප්‍රභූවරයෙකු විය. ඔහු රෝහණ ග්‍රාමයේ උසස් නිලධාරියෙකු වූ බවද වංශ කතා වල සඳහන් වේ. කෙසේ වුවුද පසුකලෙක ඔහු ගිහිගෙය හැරගොස් බෞද්ධ භික්ෂුවක් ලෙස පැවැදිව ගතකර ඇත. එම භික්ෂුවගේ පුත් වූ අභය ද තම පියා අනුව යමින් තමා පියා සිටි විහාස්ථානයේ දීම පැවැදි බව ලැබීමට තරම් වාසනාවන්තයෙකු විය. කෙසේ වුවුද කප්ප්කන්දරම් විහාරයේ වැඩ සිටින කළ සුවිශේෂි සිදුවිමට මුහුණ පැමට සිදුවිය. එනම් කාවන්තිස්ස රජුගේ හමුදාවට බැඳීම සඳහා රුහුණූ දේශය බලා යන ගෝඨයිම්බර යෝධයා රාත්‍රියක් ගත කිිරිම සඳහා කප්පකන්දර විහාරයට පැමිණ ඇත. රාත්‍රියේ හොර රහසේම ගේාඨයිම්බර ඇතුළු පිරිස පොල්ගස් සොලවා කුරුම්බා කඩාගෙන කා-බී ඉතිරි වූ කුරුම්බා ගෙඩිවල කැලි කසල පන්සල් භූමිය තුළ දමා තිබී ඇත. මේ දුටු අභය සාමනේරයන් කුරුම්බා කා සැපසේ නිදා සිටි ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ මහපට ඇගිල්ලෙන් අල්වා කප්පකන්දර විහාර භූමිය වටා ඇදගෙන ගොස් ඇත. ඉන්සපු දෙදෙනා ද්වන්ධ සටනක් කර ජය පරාජයක් නොමැතිව සටන නිමා වූ පසු ගජ මිතුරන් බවට පත්විය. මෙම හේතුව මත පසුව ගෝඨයිම්බර යෝධයා විසින් කාවන්තිස්ස රජුට දන්වා ඇත. ඒ අනුව රජුගේ ඉල්ලීම පිටජාතික යුද්ධයට දායක වීම සඳහා උපැවිදි වී උසස් යුධ නිලධාරියෙකු බවට පත්විය.
පසුව ජාතික යුද්‍ධය නිමාවීමෙන් පසු දුටුගැමුණු රජුගෙන් අවසර ගෙන පැවදිව බවුන් වඩා රහත් වූ බව පැවසේ. අභය සෙනවියාගේ පියා භික්ෂුවක් වූ නිසා ථෙර + පුත්ත + අභය ථෙරපුත්තාභය ලෙස හදුන්වා දී ඇත. දුටුගරමුණු රජු මරණ මඤ්චකයේ සිිටින විට මා සමග අටවිසි සටන් කොට මා හැර නොගිය අභය කොහිදැයි විමසා ඇත. ඒ වන විට රහත් භාවයට පත් ව සිටි ෙථීරපුත්තාභය මහ රහතන් වහන්සේ බුත්්තල කිරිඳි ඔය අසල මහා වනයේ වැඩසිටින විට දිවැසින් අසා අනුරාධපරය, රුවන්වැලි සෑය, අසලට ඍධියෙන් වැඩම කොට දුටුගැමුණු රජු අස්වසාලූ බවද දුටගැමුණු රජුගේ ප්‍රන්‍ය ක්‍රියාවල වාර්ථා අඩංගු දසපින් කිරියාවත නම් ලේඛණය කියවා රජු සනසාලු බවද ඉතිහාස කථා වල සඳහන් වේ. මේ ප්‍රදේශය ඉතා දර්ශනීය පරිසරයකට හිමිකම් කියන අතර මෙම ලෙන් විහාරයේ දොරටුව අසල ඉහළින් වනපදස්සන යන බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත. රහතුන් උදෙසා කර්මස්ථාන වර්ධනය කිරීම සඳහාත් විත්ත ව්වේකය සඳහාත් යෝග්‍ය ස්ථානයක් වන මෙම ස්ථානය දුටුගැමුණු මහරජතුමා විසින් ෙථීරපුත්තාභය මහ රහතන් වහන්සේ වෙත කරවා පූජා කරන ලද ස්ථානයක් ලෙස අනුමාන කෙරේ.
ලිහිණියාගල ලෙන් විහාරය අඩි 150 ක් පමණ දිගින් හා අඩි 12ක් පමණ පළලින් යුක්ත වේ. ලෙන කෙළවර කුඩා විහාර ගෙයක් දක්නට ඇත. විහාරගෙයි බිතු සිතුවම් දැනට විනාශ වෙමින් පවතී. මෙම චිත්‍ර මහනුවර යුගයේ රාජ පාදප්‍රාප්ත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරනය කරවා ඇත.

Comments
Post a Comment