Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]
Credit goes to original author of this article( Sri Dalada Maligawa ). ‘වැවයි දාගැබයි’ සංකල්පය අපට උරුම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සංකල්පයකි. එම සංකල්පය ඔස්සේ අප බොහෝ දෙනාගේ සිතෙහි චිත්ත රූපයක් පවතී. වෙසක් පත්වල පවා නිතර දැකිය හැකි එම දර්ශනයයේ සිසිල් සඳ එළියෙන් නැහැවෙන ස්වර්ණමාලි මහා සෑය ඈතින් දිස්වන ජලයෙන් පිරුන මහා වැව ඔබේ මතකයට ගලා එනවාට සැක නැත. එතැන ඇත්තේ අභය වැව නොහොත් බසවක්කුලම වැවයි. ගණන් කළ නොහැකි තරම් ලොකු කුඩා වැව් රාශියක් රජරට වියළි කලාපය පුරා විසිරී ඇත ලොකු කුඩා වැවක් නොමැති ගමක් නොමැති තරම්ය. ගමට වැවක් යන සංකල්පය වියළි කලාපයට බෙහෙවින්ම ආවේණික ලක්ෂණයකි. වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ පදනම ද වැවයි. රජරට වැව් බැඳි රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාමය. එසේම අනුරාධපුරය ආශ්රිත නුවර වැව, කලාවැව, පදිවිය වැව යන වැව් තුනට සීමා වූ ප්‍රදේහය “නුවර කලාවිය” ලෙස ද හැඳින්වේ. අතීතයේ ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නමින් හැඳින්වුණේ ද මෙරට විසිරී පැවති වැව් පද්ධතියෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ සංවර්ධනය කළමණාකරණය නිසාය. -----------------------------------------------------------------...
Comments
Post a Comment