මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - මහනුවර රජපිහිල්ල

මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි.

රජපිහිල්ල – amazinglanka.com
රාජකීයයන්ගේ ස්නානය සඳහා ඉදිකළ මෙම නාන ස්ථානය පිහිටියේ අම්පිටිය පාරේ රජපිහිල්ල හන්දියෙන් හැරී යන අතුරු මාවතකයි. නගරයේ සිට ඇති දුර කි. මී. දෙකක් පමණ වෙනවා. දුනුමඬලාව රක්ෂිත වනාන්තරයෙන් ගලා එන රජපිහිල්ල ඇළේ ජලය හරස් කිරීමෙන් මෙම දිය පිහිල්ල නිර්මාණය කර තිබෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලයේ බව පිළිගැනීමයි. ඒ රජු තම බිසෝවරුන්ට ස්නානය කිරීමට මෙම පිහිල්ල තනා දුන්නාලු. මහනුවර වැව් ඉවුරේ දක්නට ලැබෙන බිසෝ උල්පැන්ගේ නම් තනවා තිබෙන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජුයි.

රජපිහිල්ල දියබේසම – amazinglanka.com
රජ-පිහිල්ලේ දී අපට දැකගත හැක්කේ දිය බේසමකට වැටෙන ජලය හිසට වෑස්සීම සඳහා සකස් කළ දිය බේසමක්. කළුගලින් කළ එය අඩි 6ක් උස ගල්ටැඹක් මත සවිකර තිබෙනවා. දියබේසමේ ජලය පිටවීමට පීලි තුනක් තනා තිබෙනවා. අදත් රජ පිහිල්ල දොළේ ජලය උපයෝගී කරගෙන මහනුවර නගර සභාව ජනතාවට ස්නානය කිරීමට පොදු නාන ස්ථානයක් ඉදිකර තිබෙනවා.

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]