Lihiniyagala Len Viharaya [ලිහිණියාගල ලෙන් විහාරය]
Source : සිංහලේ අතීතය සොයා All the credits goes to original author( සිංහලේ අතීතය සොයා ) of this article. මහනුවර දිස්ත්රික්කයේ උඩහේවාහැට ප්රාදේශීය බල ප්රදේශයේ මහනුවර දිස්ත්රික්කයේ පිහිටි වලපනේ නගරය පසුකර මහවැලි රජ මාවත දිගේ කි.මි. 4ක් පමණ මහනුවර දෙසට ගමන් කරන විට ඛෙලිහුල් ඔය හරහා ඉදිකර ඇති පාළම හමු වේ. එම පාළම අසලින් දකුණු දෙසට පිහිටි මාර්ගයේ මඳ දුරක් ඉදිරියට ගමන් කළ විට ලිහිණියාගල ලෙන් විහාරයට ළඟා විය හැක. මෙම ඛෙලිහුල් ඔය දෙපස විශාල කුඹුරු යායවල් 2ක් දක්නට ඇත. ඒවා නමින් දියහැරුම සහ ලැවසූරිය නමින් හැදින් වේ. මෙම ප්රදේශය ඉපැරණි ගංගාධාර ශිෂ්ඨාචාර ක්රමයට අයත් ප්රදේශයක් ලෙස අනුමාන කල හැකි සාක්ෂි පවතී. ඉපැරණි අනුරාධගාම රාජ්ය යුගය මල්වතු ඔය ආශ්රිතව ආරම්භ වු වකවානුවේම මෙම ඛෙලිහුල් ඔය ගංගාධාරය දෙපස ප්රදේශය ජනාවාස තිබූ බවට ජනප්රවාද වල සඳහන් වේ. ක්රි.පූ. 2වන සියවසේ දී පවා මෙම ප්රදේශය ජනාවාස තිබූ බව මෙම ජනප්රවාද අනුව පිළිගත හැකි මට්ට්මක කැරණු තහවුරු කර ගත හැක. ඵෙතිහාසික ළිහිණියා ගල ලෙන් විහාරය අභය නම් රහතන් වහන්සේ සාමනේර අවධියේ සිය ආගමික කටයුතු සඳහා පැමිණි ස්ථානයක් ලෙස ජනප්...