Posts

කලාවැවේ කතන්දරේ

Image
අනුරාධපුර වන්දනාවේ යන සමහරු එන ගමන් කලාවැව් බැම්මට පැමිණ වැව් දියේ නා සැනහෙන්නට අමතක කරන්නේ නෑ.  ඒ වගේම කොළඹ අපි ගෝල්පේස් යනවා වගේ රජරට ජනතාව නිතරම යන්නෙත් කලාවැවේ රැල්ල පාගන්නයි , එහි ගිලී විනෝද වන්නටයි. දරුවනුත් සමග මෙහි ජල ක්‍රීඩා කරන විශාල පිරිසක් ඕනෑම දිනක දැකගන්න පුළුවන්. කලාවැව (කුසුම්සිරි විජයවර්ධන)

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - දුනුමඬලාව වනාන්තරය

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. දුනුමඬලාව තුරු වියන යටින් – කුසුම්සිරි විජයවර්ධන පරිසරය ගැන උනන්දු වන කාටත් වැදගත් ස්ථානයක්. ආතර් සීට් අසලින් ඉහළට දිවෙන සරණංකර මාවත ඔසසේ යාමෙන් මෙම වනාන්තරයට පිවිසිය හැකියි. වනයේ විශාලත්වය අක්කර 753ක්. එය මුහුදු මට්ටමේ සිට අඩි 1800-3200 අතර උසකින් පැතිර තිබෙනවා. මේ නිසා මහනුවර නගරයට වඩා වැඩි සිසිලක් මෙහිදී විඳගත හැකියි.  මහනුවර නගරයට පානීය ජලය සපයන ජලාශය ඇත්තේ මේ වනය තුළයි. මුලින්ම මෙහි කෝපි වතුයායක් තිබුණූ අතර 1870 දී එම වතුයාය මහනුවර නගර සභාවට පවරාගෙන තිබෙනවා. ඊට පසු එහි ජලාශ දෙකක් ඉදිකළා. මෙම වනාන්තරය පාලනය වන්නේ මහනුවර මහ නගර සභාව මගින්. එයට ඇතුළුවීමට නගර සභාවෙන් අවසරය ලබාගත යුතුයි.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - ආතර් සීට්

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. ආතර් සීට් අසලට පෙනෙන දළදා මාලිගා පරිශ්‍රය මහනුවර වැවේ බස්නාහිර සොරොව්ව අසලින් ඇරඹෙන රජපිහිල්ල මාවතේ ගමන් කරන ඔබට ආතර් සීට් නම් ස්ථානයට පිවිසිය හැකියි. එය මහනුවර නගරය කුරුළු නෙතකින් දැකගත හැකි ස්ථානයයි. ආතර් සීට් සිට මහනුවර නගරය දකින්න ඉංග්‍රීසි පාලන සමයේ දී ආතර් නම් වැවිලිකරුවා නගරය දෙස බැලීමට මෙහි කළුගලින් ආසනයක් කරවා තිබෙනවා. එදා පටන් අද දක්වාත් මහනුවර කදිම දර්ශනයක් නැරඹීමට කැමැති විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට එනවා. ඔවුන්ට සමරු අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකුත් මෙතැන තිබෙනවා. ඒත් දේශීය සංචාරකයන් නම් ආතර් සීට් ගැන එතරම් දැනුවත් නැහැ.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - මහනුවර රජපිහිල්ල

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි. රජපිහිල්ල – amazinglanka.com රාජකීයයන්ගේ ස්නානය සඳහා ඉදිකළ මෙම නාන ස්ථානය පිහිටියේ අම්පිටිය පාරේ රජපිහිල්ල හන්දියෙන් හැරී යන අතුරු මාවතකයි. නගරයේ සිට ඇති දුර කි. මී. දෙකක් පමණ වෙනවා. දුනුමඬලාව රක්ෂිත වනාන්තරයෙන් ගලා එන රජපිහිල්ල ඇළේ ජලය හරස් කිරීමෙන් මෙම දිය පිහිල්ල නිර්මාණය කර තිබෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලයේ බව පිළිගැනීමයි. ඒ රජු තම බිසෝවරුන්ට ස්නානය කිරීමට මෙම පිහිල්ල තනා දුන්නාලු. මහනුවර වැව් ඉවුරේ දක්නට ලැබෙන බිසෝ උල්පැන්ගේ නම් තනවා තිබෙන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජුයි. රජපිහිල්ල දියබේසම – amazinglanka.com රජ-පිහිල්ලේ දී අපට දැකගත හැක්කේ දිය බේසමකට වැටෙන ජලය හිසට වෑස්සීම සඳහා සකස් කළ දිය බේසමක්. කළුගලින් කළ එය අඩි 6ක් උස ගල්ටැඹක් මත සවිකර තිබෙනවා. දියබේසමේ ජලය පිටවීමට පීලි තුනක් තනා තිබෙනවා. අදත් රජ පිහිල්ල දොළේ ජලය උපයෝගී කරගෙන මහනුවර නගර සභාව ජනතාවට ස්නානය කිරීමට පොදු නාන ස්ථානයක් ඉදිකර තිබෙනවා.

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - බ්‍ර්තාන්‍ය ගැරිසන් සුසානය,මහනුවර (British Garrison Cemetery - Kandy)

Image
මෙහි සම්පූර්ණ අයිතිය මුල්   රචකයා   සතුය. මෙය   roar.media   වෙතින් උපුටා ගන්නා ලද්දකි.  මළවුන් සැතපෙන ගැරිසන් සොහොන- කුසුම්සිරි විජයවර්ධන දළදා මාලිගය අසල ඇති ජාතික කෞතුකාගාරය මායිම් කරමින් ඇති මාවත ඇදී යන්නේ ගැරිසන් සුසාන භූමිය වෙතටයි. පර්චස් 130ක විශාලත්වයෙන් යුත් මේ බිම්කඩ පළලින් අඩු දිගින් වැඩි බිම් තීරුවක් ලෙස පැතිර තිබෙනවා. කලක් වන වදුලින් වැසී පැවති මේ බිම්කඩ 1998 දී චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සංරක්ෂණය කළා. වර්ෂ 2013 දී චාල්ස් කුමාරයා අප රටට පැමිණි විටත් මෙම සොහොන් බිම නැරඹීමට ගියා. ගැරිසන් කියා කියන්නේ යුද්ධ සෙබළුන්ගේ රැඳවුම් පොළටයි. ඉංග්‍රීසි කාලයේ මෙහි යුද්ධ සෙබළ රැඳවුම් ස්ථානයක් තිබෙන්නට ඇති. මෙය පුරාවිද්‍යාත්මකවත් වටිනා ස්මාරකයක්. අවුරුදු 133ක් අප රට පාලනය කළ ඉංග්‍රීසින්ගේ අමිහිරි මතක සටහන් අපට ස්මරණය කරවන තැනක් තමයි ගැරිසන් සොහොන. මෙම සුසානයේ ඇත්තේ ක්‍රිස්තියානි බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් පමණයි. මෙහි සැතපෙන බොහෝ දෙනා අඩු වයසින් මියගිය අය බව සොහොන් කොත්වල සටහන් කියවන විට පේනවා. මෙය මුලින්ම භාවිත කර ඇත්තේ 1817...

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - උඩවත්ත කැලේ

Image
පළමු කොටස මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි.  මහනුවර සංචාරය කරන එහෙමත් නැත්නම් වන්දනාවේ යන හුඟ දෙනෙක් නරඹන්නේ දළදා මාලිගාව සහ ඒ අවට තැන් කිහිපයක් පමණයි. සමහරු සිව් මහා දේවාල, පුරාවිද්‍යා කෞතුකාගාරය, ජාතික කෞතුකාගාරය වගේ තැන්වලටවත් යන්න උනන්දු වන්නේ නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සැලසුම් කළොත් ඔබට මහනුවර දැකගත හැකි තැන් තවත් රාශියක් තිබෙන බව වැටහේවි. මේ නිසා මහනුවර ඓතිහාසික මෙන්ම පාරිසරික සුන්දරත්වය සම්පූර්ණයෙන් දැකබලා විඳ ගැනීමට වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ එලෙස මඟහැරෙන තැන් කිහිපයක් ගැන මතක් කර දීමටයි. උඩවත්ත කැලේ උඩවත්ත කැලේ පිවිසුම – gloriouslanka.com

ගැරඩි ඇල්ල [GARADI ELLA]

Image
මේක ඇත්තටම ගැරඩි ඇල්ලේ ඉතිහාසය ගැන ජනප්‍රවාදයේ එන එක් කථාවක් විතරයි. සත්‍ය අසත්‍ය භාවට පිළිබඳව කිසි සාක්ෂියක් නොමැත. එමෙන්ම මෙම ලිපියේ මුල් කතුවරයාට මෙහි සියලුම ගෞරව හිමි විය යුතු අතර පහත සඳහන් වන යොමුව හරහා ගොස් ඔහුට ස්තුතිය පුද කරන මෙන් මෙම ලිපිය කියවන සියලු දෙනාගෙන් කාරණිකව ඉල්ලා සිටිමි.  මුල් ලිපිය   මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි , එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.

කොළපතන දියඇල්ල - මන්දාරම්නුවර(හඟුරන්කෙත) [KOLAPATHANA WATERFALL - MANDARAMNUWARA]

Image
ගමන් මාර්ගය : රිකිල්ලගස්කඩ => පදියපැලැල්ල => මන්දාරම්නුවර(මේ දක්වා ඔබට මාර්ගයේ ධාවනය වන පොදු ප්රපවාහන සේවා භාවිතා කර ගමන් කළ හැක.) ඉන් අනතුරුව මන්දාරම්නුවර බෝධිය අසල සිට මන්දාරම්නුවර උඩවෙල විද්යාිලය දෙසට ඇති මාර්ගයේ මිටර් 500ක් පමණ ගමන් කළවිට මන්දාරම්නුවර පැරණි තේ කර්මාණ්ත ශාලාව හමුවේ. ඒ දක්වා ගමන් කර එහි සිට

විල්පිට දණ්ඩියා [Wilpita Dandiya]

Image
Source : www.lankadeepa.lk by : වේරගොඩගේ සජිව විජේවීර අකුරැස්ස හා කඹුරුපිටිය අතර ඇති විල්පිට වනාන්තරය ආශ්‍රිත දොළකින් සොයාගත් දණ්ඩියා විල්පිට දණ්ඩියා ලෙස නම් කැරිණි. සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරා විල්පිට Rasbora wilpita යනුවෙන් හඳුන්වන විල්පිට දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂයකි.

රතු තොල් වැලිගොව්වා [Rathu Thol Waligowwa]

Image
Source : www.lankadeepa.lk by : වේරගොඩගේ සජිව විජේවීර වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.

අක්කපාන [Akkapana]

Image
Scientific name : Bryophyllum pinnatum Wiki page : Go

යාපනය බලකොටුව [Jaffna Fort]

Image
 උපුටා ගැනීම Sri Lankawe දර්ශණීය ස්ථාන හා ජායාරූප යාපනයේ සංචාරක ස්ථාන සැලකීමේදී නගරය ආසන්නයේ පිහිටා ඇති බලකොටුව සුවිශේෂීය. පෘතුග්‍රීසින් විසින් ගොඩනඟන ලද මෙය ලන්දේසින් විසින් පුළුල් කරනලදී. පසුගිය යුදමය වකවානුවේ ගරාවැටී තිබී මානුෂික මෙහෙයුමෙන් පසුව නැවත පිලිසකර කරවන ලදී.

ඉසුරුමුණි විහාරස්ථානය [Isurumuniya Viharaya]

Image
බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනභිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටා තිබෙයි. වළාකුල් පොකුරක ස්වරූපයෙන් දිස්වන ගල්පර්වතයක් ආශ්‍රයේ රමණිය දසුනක් මැවීමට සමත් ස්වාභාවික පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් චිත්‍රයක් පරිද්දෙන් ඔපවත් කරමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය ගොඩනංවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) විසින් බව කියැවෙයි. ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. මෙහි ඇති යුග කීපයකට අයත් පුරා විද්‍යාත්මක සාධක සංචාරකයන්ගේ මෙන්ම වන්දනාකරුවන්ගේ සිත් සතන් වඩාත් මෝහනයට පත් කරවීමට සමත්ව තිබේ. ගල්පර්වතය ඉහැත්තෑවේ ඇති කුඩා ස්තූපය, පර්වත මධ්‍යයේ ගුහා විහාර මන්දිරය, පාද මූලයේ ශෛලතලාවේ කෘතිමව සාදා ඇති දිය පොකුණ, මෙන්ම පසෙක දිස්වෙන ඓතිහාසික බෝ සමිඳුන්, නැග බැස යන ශෛලමය පිය ගැට පෙළ ආදියෙන් ස්වභාව ධර්මයේ නිර්මාණයට තවත් හැඩ තල ...

Lover Slip - Nuwara Eliya

Image
පිදුරුතලාගල කඳුවැටියෙන් ඇරඹෙන දියදහරකින් ලවර්ස්ලීප් (පෙම්වතුන්ගේ පිම්ම ) ඇල්ල නිර්මාණය වේ. නුවර එළිය නගරයේ සිට කි.මි 2ක් පමණ දුරින් හාවාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති දියඇල්ලට මාර්ගයේ සිට මි. 600 පමණ ගමන් කිරීමෙන් ලඟා විය හැකිය. 
Related Posts Plugin for WordPress, Blogger...