Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]
අත්තනගල්ල රාජමහා විහාරය ලක්දිව පිහිටි පෞරාණික වූ ද සුප්‍රකට වූ ද විහාරස්ථානයන් අතර අග්‍රේසර වූවකි. එය බස්නාහිර පළාතෙහි කොළඹට සැතපුම් 28 ක් පමණ ඊසාන දෙසින් පිහිටියේ ය. මෙම විහාරාශ්‍රිත ප්‍රදේශය රාජ්‍ය වර්ෂ 247 - 249 දක්වා සිරිලක රජ කළ සිරි සංඝබෝධි (සිරිසඟබෝ) නිරිදුන් විසින් බෝධිසත්ත්වයකු ලෙස ස්වකීය බුද්ධත්වය සඳහා දාන පාරමිතාව පූරණය කළ ස්ථානය ලෙස හඳුනාගනු ලැබ ඇත.
හත්ථවනගල්ල විහාරවංස නමැති පාලි චම්පූ කාව්‍යය නිර්මාණය වන්නේ මෙකී සිරි සංඝබෝධි නිරිදුන් හා අත්තනගලු විහාර පද්ධතිය වර්ණනයට පාත්‍ර කරමිනි. මෙම ග්‍රන්ථය සඳහන් කරන ආකාරයට අත්තනගල්ල රාජමහා විහාරස්ථානය සුවිශාල භූමියක විස්තෘතව පැවති සියලු විහාර අංගෝපාංගයන්ගෙන් සමුපලක්ෂිත වූ පූජනීය ස්ථානයකි. අනුරාධපුර යුගයෙහි පටන් ම ලක්දිව අභිෂේකයට පත් නරේශ්වරයන්ගේ අනුග්‍රහයට හා බහුමානයට ලක් වූ බව ද විවිධ මූලාශ්‍රය සාධකයන්හි ප්‍රකාශ වෙයි. ආරම්භයේ පටන් ම මෙම විහාරස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ රජවරුන්ගේ අභිප්‍රාය වූයේ අනාගතයෙහි ද මෙහි උන්නතිය ස්ථාපිත කිරීම යි. ඒ බව හත්ථවනගල්ල විහාරවංසයෙහි අවසන් පද්‍යයෙන් මෙසේ ප්‍රකාශ වේ.
''විද්ධස්තසංඛරණතෝ නවකම්මුනා වා
ඛෙත්තාදිදානවිධිනා ච අනාගතේපි
යේ සාධවෝ පරිහරන්ති ඉමං විහාරං
නාමඤ්ච කාරමපිතේසමිහාලිඛන්තු''

උපුටා ගැනීම : temple website
Comments
Post a Comment