Maligawila[මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7 වන සියවස)]
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.
අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ..
මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි.
මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක් ලෙස ඉතිහාසයේ කියැවේ.
---------------------------------------------------------------------------------------------------------------------------------------
වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මං සන්ධියෙන් හැරී දකුණට කි. මී. 16ක් පමණ ගිය තැන හමුවන මේ බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට ස්වභාවධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත් එවතට සිටි ඩනපති තුමන්ගේ මඟපෙන්වීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නගාසිටුවීමට හැකි වී තිබේ. සංරක්‍ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද දකුණු අත ද දෙදණහිසින් පහළ කොටස ද චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය.
පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ නිසා එහි පැරණිම ස්වරූපය හඳුනාගැනීමට තිබෙන අවකාශය මදය. එහෙත් ඉතිරි වී ඇති කොටස්වලට අනුව සංරක්‍ෂණය කර නගාසිටුවා ඇති මෙය ලංකාවේ අද්විතීය පුරාවස්තුවක් බව අවිවාදයෙන් ම සඳහන් කළ හැකිය.
මේ මහා බුදු පිළිමය පිළිබඳව එන මහාවංශ විස්තරයට අනුව මෙය ක්‍රි. ව. 7 වන සියවසේ දී රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත හැකිය. ඔහු විසින් කාණගාමයේ කරවූ” ඍද්ධියෙන් මැව්වාක් වැනි මහත් වූ ශෛල ප්‍රතිමාව“ මෙය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි.
මහාවංස විස්තරයට අනුව එසේ කාණගාමයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය කෙරී ඇති අතර එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාරය නමිනි.
උසින් අඩි 45ක් තරම් වූ ප්‍රතිමාව ස්පටික හුණුගලෙන් නෙලන ලද්දකි. උරහිස් හරහා එහි පළල අඩි 10ක් වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු පොට දරා සිටින බවත් පෙන්වන ප්‍රතිමාවේ ඒකංශ පාරුපනයෙන් යුතු චීවරය සමාන්තරාකාර රැලිවලින් හැඩ ගන්වා තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණවලින් පසුව එහි මුහුණේ කරුණාභරිත බවක් පෙන්නුම් කෙරේ. රවුම් හිසකේවලින් හිස සරසා ඇතත්, උෂ්ණිෂයක් හෝ සිරස්පතක් තිබූ බවට සලකුණු දක්නට නොවේ.
ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැලපෙන සේ සකස් කොට තිබීම මෙහි ඇති තාත්විකත්වය සහ සුන්දරත්වයට බෙහෙවින් ම හේතු වී තිබේ. අඩි 4ක් තරම් වූ විශාල පද්ම පීඨයක නංවා ඇති මේ ප්‍රතිමාව වෙනත් තැනක නෙළා ගෙනවිත් මෙහි පිහිට වූ බවට නිගමනය කළ හැකි අතර ප්‍රතිමාව සඳහා පඨිමාඝරයක් ද වූ බවට සාධක හමුවේ. මේ ස්ථානය පිළිබඳව ප්‍රබල සාධක සොයා ගැනීමට නොහැකි වුවත් මෙය මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ.

Comments
Post a Comment