Wasgamuwa National Park[වස්ගමුව ජාතික වනෝද්යානය]
මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. 12 වැනි සියවසේ පරාක‍්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද ‘කාලිංග’ ඇළද ඊට අමතරව මාලගමුව, විල්මිටිය, දාස්තොට, වස්ගමුව වැව්වල නෂ්ඨාවශේෂයන් මෙහි අතීත සෞභාග්‍ය විදහා දක්වයි. අඹන්ඟග මහවැලි ගඟට සම්බන්ධ වන ස්ථානයට නුදුරුව ‘දාස්තොට’ වැව පිහිටා තිබේ. ඊට පහළින් මහවැලි ඟග මැද දුපතක් පිහිටි ස්ථානයකින් ‘කාලිංග’ ඇළ ඇරඹේ. මෙම ස්ථානය එකල කාලිංග නගරය ලෙස හඳුන්වා තිබේ. ඇළේ නටබුන් අඛණ්ඩ ලෙසකින් දක්නට තිබෙන අතර ඇතැම් ස්ථාන කුඹුරු බවට පරිවර්තනය වී තිබේ. අතීතයේ කාලිංග ඇළ මගින් ත‍්‍රිකුණාමලය අසල ඇති ‘අල්ලෙයි’ වැවට ජලය ගෙන ගිය බව විශ්වාස කෙරේ. ඓතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක් වස්ගමුව උද්‍යානය තුළ පිහිටා ඇත. ඒ මහජනයාට පහසුවෙන් යා හැකි යුදඟනා පිටියයි. ඒ දුටුගැමුණු සහ සද්ධාතිස්ස ද්වන්ද යුද සටනක යෙදුනු ස්ථානයයි. එදා සද්ධාතිස්ස රජුට පැරදී පලාගොස් බත්මුල ලිහා අනුභව කළ ‘කදුරු තොටද’ ඒ අසලය. දෙබෑයන්ගේ බිහිසුණු සටන නිසා ශාසන උද්දීපන කටයුතුවලට බාධාවක් වේ දෝයයි හටගත් බිය නිසා එදා රහතුන් මවා පෑයෙයි කියන ‘රහතන් කන්ද’ දකුණින් පිහිට...