Posts

මහනුවර රජවාසල උද්‍යානය/වේස් පාර්ක් [Kandy Rajawasala Park/ Wese Park]

Image

යුදඟනාව රජමහා වෙහෙර (ක්‍රි.ව. 1153 – 1186) [Yudhagana Rajamaha Vehera]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.   දුටුගැමුණු රජ දකුණේ සේනාව රැස්කර උතුරට ගියේ මොනරාගල බුත්තල හරහාය. බුත්තලට ඒ නම ලැබුණේ එකල සිංහල හමුදාවලට නිරන්තරයෙන්ම බත සැපයු මහ දන්සැලක් එහි තිබු බැවිනි. ඒ අනුව බත්හල පසුව බුත්තල වී ඇතැයි ජනප්‍රවාදවල පවතී. මේ බුත්තලින් බත් කෑ සිංහල සේනාව පසුව බුත්තල සිට සැතපුම් 1 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයේ ගිමන් හැරීම ද කර ඇත. වත්මන් මොනරාගල යුදඟනාව පුරාණ රජමහා විහාරාධිකාරී ගල්ටැම්වත්තේ නන්දරතන හිමි පවසන පරිදි දුටුගැමුණු කුමාරයා උතුරේ සටනට ගියේ මේ යුදඟනාව චුලංගනි මහ වෙහෙරට පැමිණීමෙන් පසුවය. අප මාතෘ භූමියේ ඇති සුවිසල් චෛත්‍ය අතර යුදඟනාව චෛත්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මෙම චෛත්‍යය ගොඩ නංවා තිබෙයි.ඌව ප්‍රදේශයේ ඇති සුවිශාලම ස්තූපය මෙය වෙයි. යුධඟනා දාගැබ ඉතිහාස වංශ කතාවේ අපූර්ව වූ සංසිද්ධියක් නිසා ඉදිවෙන පූජනීය ස්මාරකයකි. ඒ නිසාම මෙය ලාංකික ස්තූපයන් අතර විශේෂත්වයක් උසුලයි. අපගේ ඉතිහාසය ...

දෙවනගල, මාවනැල්ල [Dewanagala, Mawanella]

Image
උපුටා ගැනීම

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.  කාලයේ වැලිතලාවෙන් සැඟවුනු ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය පුදබිම. වර්ෂ 1948 අද වැනි දිනක නැවත ප්‍රතිසංස්කරණය කළ මහියංගනය පුදබිම.  අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන්

කවුඩුල්ල වනෝද්යානය [Kaudulla National Park]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. අප දේශයේ ස්භාවික සුන්දරත්වය ලොවට කියාපාන නානාවිද සත්ව ව්ශේෂ වලින් ද, විසිතුරු ජෛව විවිධත්වයෙකින් පරිපූර්ණ වූද, වසන්ත සමයේ මල්බර වන සාරවත් තුරුලතා වෘක්ෂයන්ගෙන් පිරි ඇති වන දහනින් ශ්‍රී ලංකා මාතාව සම්පූර්ණය. වන ජීවීන් තුරුලතාවන්ට පූර්ණ ආරක්ෂාව සපයමින් මහජනතාවටද වනජීවීන් තුරුලතා සහ ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට හා අධ්යතනය කිරීමට අවස්ථාව ලබාදෙන භූමි පර ත දේශ වනෝද්යාාන ලෙස හඳුන්වා දිය හැක. වනෝද්යාකන පිහිටි ඉඩම් සියල්ල රජය සතු වන අතර වනෝද්යා නයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අවසර පතර පයක් ලබා ගත යුතුයි. වනජීවීන්ගේ හා තුරුලතාවන්ගේ පැවැත්ම සඳහා වෙන්වුණු මෙවැනි ජාතික වනෝද්යායන 17 ක් පවතී.

Beauty of Sri lanka

Image

Galbada Sunandharama Purana Viharaya [ගල්බඩ සුනන්දාරාම පුරාණ විහාරය]

Image
මෙම ලිපිය ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි. පන්සලක් ගැන ලියන්නට ගිය අපට කලාගාරයක අසිරිය ලියන්නට සිදු විය. ගල්බඩ පන්සල පුරා මම ඇවිද ගියෙමි. විහාර මන්දිරය වටේ දෙතුන් වරක් ඇවිද්දෙමි. විහාර මන්දිරයේ දුටු දේ අදහා ගත නොහැකි තරමට සිත්කළුය. චිත්තාකර්ෂණීයය. රට පුරා පන්සල්වල ඇවිද ඇති මට මෙතරම් සුවිශේෂී විහාර මන්දිරයක් හමු වූවා මතක නැත. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගල්බඩ පන්සලේ විහාර මන්දිරය අද්විතීයය. සිතුවම් හා මූර්ති නිර්මාණ අතින් ද අද්විතීයය. ඒ විශිෂ්ඨත්වය අරුම පුදුමය. රට පුරා ඇවිද්දත් සොයා ගත නොහැකි අපූරු සිතුවම් බොහොමයක් මෙහි දැකිය හැකිය. විහාරයක් හැටියට ‘සුනන්දාරාමය’ වුවත් මේ පින් බිම රටම දැනගත යුත්තේ ‘හෙළ කලාගාරය’ හැටියටය. මේ සත්‍ය අසත්‍යතාව ඔබ ගොසින්ම නැරඹිය යුතුය. ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.
Related Posts Plugin for WordPress, Blogger...