ගුරුළු රාජ - [Gurulu Raja] ඌව පළාත් පුෂ්පය

This is the Uva Provincial nominated flower.
ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ


ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර්ජනයට ලක්වූ වන සත්ව හා වෘක්ෂලතා වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට ද ඇතුලත් කර තිබෙන ශාකයකි.
රයින්කොස්ටයිලිස් රෙට්යුතසා නමින් උද්භිද විද්යාසත්මකව හැඳින්වේ. ඉංගීර්ත්සියෙන් ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් ප්‍රචලිතය.
ගස් මත වැවෙන ශාකයක් වන මෙම උඩවැඩියා විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඌව පළාතේ තණ බිම් වල ස්වභාවිකව වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ වූ ශාකයකි.
දැඩි ඝනකමින් යුතු පිටත විහිදුණු දැඩි සෘජු කඳකි. ශාකය අඩියක් පමණ උසට වැඬේ. නොවැම්බර් සිට අපේරපි ල් කාලයේ ඉතාමත් අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ගුරුළු රාජ ශාකයේ පුෂ්ප මංජරිය හේතුවෙන්ම එය ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් හඳුන්වයි. සෙන්ටි මීටරයක් දෙකත් අතර පළලය.. කුඩා මල් විශාල සංඛ්යානවක් එක් පොකුරට එල්ලා වැටෙන ආකාරයෙන් පිපේ. සුදු පාට පුෂ්පයේ රෝස පැහැති පුල්ලි දැකිය හැකියි.


source

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]