ගඳපාන / බාලොලියා [Gandapana/Baloliya] Get link Facebook X Pinterest Email Other Apps January 06, 2013 ගඳපාන / බාලොලියා(gandapana) ගඳපාන / බාලොලියා(gandapana) ගඳපාන / බාලොලියා(gandapana) ගඳපාන / බාලොලියා(gandapana) Get link Facebook X Pinterest Email Other Apps Comments
Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය] November 03, 2013 අත්තනගල්ල රාජමහා විහාරය ලක්දිව පිහිටි පෞරාණික වූ ද සුප්‍රකට වූ ද විහාරස්ථානයන් අතර අග්‍රේසර වූවකි. එය බස්නාහිර පළාතෙහි කොළඹට සැතපුම් 28 ක් පමණ ඊසාන දෙසින් පිහිටියේ ය. මෙම විහාරාශ්රිත ප්‍රදේශය රාජ්‍ය වර්ෂ 247 - 249 දක්වා සිරිලක රජ කළ සිරි සංඝබෝධි (සිරිසඟබෝ) නිරිදුන් විසින් බෝධිසත්ත්වයකු ලෙස ස්වකීය බුද්ධත්වය සඳහා දාන පාරමිතාව පූරණය කළ ස්ථානය ලෙස හඳුනාගනු ලැබ ඇත. හත්ථවනගල්ල විහාරවංස නමැති පාලි චම්පූ කාව්‍යය නිර්මාණය වන්නේ මෙකී සිරි සංඝබෝධි නිරිදුන් හා අත්තනගලු විහාර පද්ධතිය වර්ණනයට පාත්‍ර කරමිනි. මෙම ග්‍රන්ථය සඳහන් කරන ආකාරයට අත්තනගල්ල රාජමහා විහාරස්ථානය සුවිශාල භූමියක විස්තෘතව පැවති සියලු විහාර අංගෝපාංගයන්ගෙන් සමුපලක්ෂිත වූ පූජනීය ස්ථානයකි. අනුරාධපුර යුගයෙහි පටන් ම ලක්දිව අභිෂේකයට පත් නරේශ්වරයන්ගේ අනුග්‍රහයට හා බහුමානයට ලක් වූ බව ද විවිධ මූලාශ්‍රය සාධකයන්හි ප්‍රකාශ වෙයි. ආරම්භයේ පටන් ම මෙම විහාරස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ රජවරුන්ගේ අභිප්‍රාය වූයේ අනාගතයෙහි ද මෙහි උන්නතිය ස්ථාපිත කිරීම යි. ඒ බව හත්ථවන... ඉතිරියත් කියවන්න >>
අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ] September 24, 2013 මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය. ගැටබරු රජ මහා විහාරස්ථානය ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී. හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල කි... ඉතිරියත් කියවන්න >>
Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව] June 11, 2014 Credit goes to original author of this article( Sri Dalada Maligawa ). ‘වැවයි දාගැබයි’ සංකල්පය අපට උරුම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සංකල්පයකි. එම සංකල්පය ඔස්සේ අප බොහෝ දෙනාගේ සිතෙහි චිත්ත රූපයක් පවතී. වෙසක් පත්වල පවා නිතර දැකිය හැකි එම දර්ශනයයේ සිසිල් සඳ එළියෙන් නැහැවෙන ස්වර්ණමාලි මහා සෑය ඈතින් දිස්වන ජලයෙන් පිරුන මහා වැව ඔබේ මතකයට ගලා එනවාට සැක නැත. එතැන ඇත්තේ අභය වැව නොහොත් බසවක්කුලම වැවයි. ගණන් කළ නොහැකි තරම් ලොකු කුඩා වැව් රාශියක් රජරට වියළි කලාපය පුරා විසිරී ඇත ලොකු කුඩා වැවක් නොමැති ගමක් නොමැති තරම්ය. ගමට වැවක් යන සංකල්පය වියළි කලාපයට බෙහෙවින්ම ආවේණික ලක්ෂණයකි. වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ පදනම ද වැවයි. රජරට වැව් බැඳි රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාමය. එසේම අනුරාධපුරය ආශ්රිත නුවර වැව, කලාවැව, පදිවිය වැව යන වැව් තුනට සීමා වූ ප්‍රදේහය “නුවර කලාවිය” ලෙස ද හැඳින්වේ. අතීතයේ ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නමින් හැඳින්වුණේ ද මෙරට විසිරී පැවති වැව් පද්ධතියෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ සංවර්ධනය කළමණාකරණය නිසාය. -----------------------------------------------------------------... ඉතිරියත් කියවන්න >>
Comments
Post a Comment