Posts

Showing posts from August, 2013

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය

Image
රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට පොළොන්නරුව දක්වා වැටී තිබූ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවෙන් අනාවරණය වන ශිලා ලේඛන අතර සුවිශේෂී ශිලා ලිපි වර්ගයක් ලෙස නිශ්ශංකමල්ල ගව්ලිපි, ටැම්ලිපි ගණයට අයත් ගාවුත ලිපි ලෙස හැඳින්වීමට හැක. විශේෂයෙන්ම රුහුණු වැසියන්ගෙන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ බාධාවන්  මෙන්ම එවක රාජ්‍ය තත්ත්වයන් පිළිබඳවත් රුහුණේ මානාවුළුපුරයේ සිට පොලොන්නරුව  දක්වා වැටී තිබූ මාර්ගය පිළිබඳව නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමටත් නිශ්ශංකමල්ල ගව්ලිපි මගින් ලැබෙනා සේවය ඉතා වටිනේය. මෙම ගව්ලිපි ක‍්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ අක්ෂර සහිතව ශිලාස්ම්භය අවසානයේ ”නිශ්ශංක ගවුවයි”  යනුවෙන්ම කොටවා තිබීම මෙම ශිලා ලේඛන නිශ්ශංකමල්ල රජුගේම බව පැහැදිලිවම හඳුනාගත හැක.ගව්වක් යනු යොදුනෙන් හතරෙන් පංගුවකි. ගව්වෙන් ගව්ව නිශ්ශංකමල්ලයන් විසින් පිහිටවූ මෙම ලිපි මුළු මහත් රෝහණයෙන්ම. විශාල ලෙස සොයා ගැනීමට පසුකාලීනව හැකියාව ල
Related Posts Plugin for WordPress, Blogger...